ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්ත මට්ටමක පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේය.

භෞතික හානි වෙනුවෙන් වන්දි අනුමත කර තිබෙන ආකාරය හොඳ බවත් එය ලොකු පිනක් බවත් ඔහු සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (08) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

”මේ අනතුරින් පස්සේ ආණ්ඩුවේ හැසිරීම යම් ප්‍රසස්ත මට්ටමක තියෙනවා. උදාහරණයක් විවිහට ගත්තොත් භෞතිකව සිද්ධ වෙච්ච දේපල හානිය පිළිබඳව ආණ්ඩුව වන්දි අනුමත කරන විදිහ ඒක හොඳට කෙරෙනවා. ඒක ලොකු පිනක්. හැබැයි මේ සිද්ධ වෙච්ච විශාල ජීවිත හානිය අවම අකර ගැනීම සඳහා නොකළ මැදිහත්වීමේ පාපය මේ පිනෙන් වහගන්න බැරිවෙයි.”

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටින කාලයේදී ආපදා කළමනාකරණය පිළිබඳ ඉතා විද්‍යාත්මක අදහස් පළකළ කණ්ඩයමක් ලෙස ආණ්ඩුව භාර ගැනීමේ පසු ඊට දුන් වටිනාකම කුමක්ද යන ප්‍රශ්නය මේ මොහොතේ තමන් නගන බවද හිටපු මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ආණ්ඩුව මේ වන විට අයවැය ලේඛන දෙකක් ඉදිරිපත් කර ඇති බවත් ආපදා කළමනාකරණය වෙනුවෙන් දුන් වටිනකම කෙබඳුද යන පිළිබඳවත් තමන් විමසන බවයි ඔහු ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!