රෝගීන් 12 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාමත ප්‍රංශයේ නිර්වින්දන වෛද්‍යවරයකු අත්අඩංගුවට

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශකයකට ආසන්න කාලයක් පුරා ප්‍රංශයේ ඉහලම නිර්වින්දන වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරමින් හිතාමතාම රෝගීන් අවුරුදු හතරේ සිට 89 දක්වා 30 දෙනෙකුට වස දී 12 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ෆ්‍රෙඩ්රික් පෙචියර් වරදකරු වී ඇත.

53 හැවිරිදි ෆ්‍රෙඩ්රික් පෙචියර් මෙලෙස ප්‍රංශ නීති පද්ධතියේ ඉතිහාසයේ විශාලතම අපරාධකරුවන්ගෙන් කෙනෙකු බව රාජ්‍ය නඩු පවරන්නන් පැවසීමෙන් පසු අද(18) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.

ඔහු නැගෙනහිර ප්‍රංශයේ බෙසන්කොන් හි පෞද්ගලික සායනවල සේවය කරන අතරතුර මෙලෙස රෝගීන්ට වස ලබා දීමට කටයුතු කර ඇති අතර දඬුවම් නියම කිරීමෙන් අනතුරුව රජයේ නීතිපති ක්‍රිස්ටීන් ඩි කුරේස් හා රජයේ නීතිපතිවරියක් වන තෙරේස් බෲනිසෝ පැවසුවේ ෆ්‍රෙඩ්රික් පෙචියර්, අතිශයින්ම විකෘති වූ අනුක්‍රමික ඝාතකයෙකු බවත්, වෛද්‍යවරියක් නොව මරා දැමීමට ඖෂධ භාවිතා කළ අපරාධකරුවෙකු බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...