ඉක්මන් මැතිවරණ බෑ. සර්ව පාක්ෂික ආණ්ඩුව අවුරුදු දෙකහමාරම යන්න ඕනෑ – ඇමති මනූෂ

දැනට පිහිටුවා ඇති කැබිනට් මණ්ඩලය අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් බවත් ඉදිරි සති දෙක හෝ මාසය තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සහ නව කැබිනට් මණ්ඩලයක් සකස් කෙරෙනු ඇති බවත් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

“මේ හදලා තියෙන්නෙත් අන්තර්කාලීන කැබිනෙට්ටුවක්. මාස හයක් නෙවෙයි, ඒක සමහරවිට සති දෙකක් වෙන්නත් පුළුවන්, මාසයක් වෙන්නත් පුළුවන්. මේ කාලය ඇතුළත සර්ව පාක්ෂික ආණ්ඩුවට ආරාධනය කරලා, ඒ අය ආවාම සියලු දෙනා එකතු වෙච්ච කැබිනට් එකක් සකස් වෙනවා. මේ සර්ව පාක්ෂික ආණ්ඩුවේ කාල රාමුව මේ අවුරුදු දෙකහමාරම යන්න ඕනෙ. මැතිවරණයක් ඕනෙ කියලා කියන කට්ටියට – 22 වැනි සංශෝධනය එනවා නෙ, ඒක ආවාම අවුරුදු හතරහමාරක් යනකල් විසුරුවන්න බෑ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවම කියනවා නම් විසිරෙමු කියලා විසිරෙන්න පුළුවන්. 22 වැනි සංශෝධනය අපි බදාදාට ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. මේ 22 වැනි සංශෝධනයත් එක්ක පාර්ලිමේන්තුවේ නියමිත ධුර කාලය ඒ විදියටම යනවා. මොකද ඒ යන ධුර කාලය ගිහිල්ලා තමයි මේ රටේ මේ ප්‍රශ්නෙ විසඳන්න වෙන්නෙ. ඒ ප්‍රශ්නය විසඳලා අපි මැතිවරණයකට යනවා”

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

ඥානසාර හිමියන්ගේ සිවුර දැරීමේ අයිතිය ගැන කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සිරදඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...

‘ක්‍රිෂ්’ ගනුදෙනුව : නාමල් අධිකරණයට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...