තවත් පරීක්ෂණ කමිටුවක්: 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය..

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ LNW :

නුසුදුසු වෙබ් අඩවියක නම ඇතුළත් වූයේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණයේ වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයට භාරදී තිබෙන බව වාර්තා වේ.

ඊට අමතරව, එම සිදුවීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය විසින් ද, වෙනම පරික්ෂණයක් මේ වනවිට සිදු කෙරෙන බව, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේය.

ඔහු ප්‍රකාශ කළේ, සිද්ධියට වගකිව යුත්තන් සොයා, තවත් පරීක්ෂණ කමිටුවක් කඩිනමින් පත් කරන බවයි.

තවද,  6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය බෙදා හැරීමට පෙර සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂඥයින්ගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි ද පැවසීය.

ඔවුන් දෙන නිර්දේශ මත පදනම්ව, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය ළමුන් අතට පත් කිරීමට කඩිනමින් පියවර ගැනීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනූව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන ද, කඩිනම් කර තිබෙන බව සඳහන් වේ.

අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ, එම නිලධාරීන් මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීති සම්පාදනයේදී පිටකොටුවේ සේල් කඩේක වගේ හැසිරෙන්න එපා – පෙසප ජනපති අනුරගෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල සංවිධානාත්මක අපරාධ පනත සම්බන්ධයෙන් යම් සාකච්ඡාවකට...

නිල විදෙස් සංචිත වත්කම් යළිත් ඩොලර් බිලියන 07 ඉක්මවා ඉහළට

ශ්‍රී ලංකා මහබැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය...

වැසි තත්වයේ වෙනසක් – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 07) දිනයේදී උතුරු, නැගෙනහිර...

අතිරේක භෝග සඳහා පොහොර සහනාධාරය දෙන්නේ කුඹුරු ඉඩම්වලට විතරයි. හේන්වලට නෑ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල අතිරේක භෝග හේන්වල වගාකිරීමේදී පොහොර සහනාධාරය...