බැසිල්ගේ මල්වාන නඩුව : සාලිය පීරිස් මුදිත ජයකොඩිව නිරුත්තර කරයි

මල්වාන ප්‍රදේශයේ සුවිසල් නිවෙසක් ඉදිකිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරුකුමාර් කඩේසන් මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (07) ගම්පහ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

මෙම නඩුවේ ප්‍රධානතම රජයේ සාක්ෂිකරුවා වන, අදාළ නිවස ඉදිකරවූ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම අද දිනයේ සිදුකෙරිණි. මීට පෙර නඩු වාරයකදී ඒ මහතා අධිකරණයට දැනුම් දී තිබුණේ තමන් මීට පෙර FCIDය හමුවේ මෙන්ම පහළ අධිකරණය හමුවේ ද ප්‍රකාශ කළ සියල්ල අසත්‍යය බවකි.

අද දිනයේදී විත්තිකාර තිරුකුමාර් නඩේසන් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා, මුදිත ජයකොඩි මහතාගෙන් හරස් ප්‍රශ්න විමසමින් ඔහු තමන් ගෙවූ ආදායම් බදු ආපසු ලබාගැනීම සඳහා අයදුම් කළ ලේඛන පිළිබඳව විමසූ අතර ඔහු එහිදී පිළිතුරු දීගත නොහැකිව නිරුත්තර විය.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් මුදිත ජයකොඩි මහතාව රජයේ සාක්ෂිකරුවකු වශයෙන් යොදවා ගැනීමේ අවුල මතම මේ වනවිට නඩුව බිඳවැටීමට ආසන්නව තිබේ.

බොහෝවිට මීළඟ නඩු දිනය වන ජනවාරි 21 වනදා, විත්තිවාචකය නොකැඳවාම විත්තිකරුවන් නිදහස් කිරීමට සිදුවන ප්‍රවණතාවක් මෙම නඩුවේ දක්නට ලැබෙන බවයි නීති විශාරදයින්ගේ මතය වී ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...