කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිටදී එක්රැස් වීමක් සිදුවිය.
ඉරාන විප්ලවයට වසර 47ක් පිරීම නිමිති කරගෙන එය සංවිධානය කර තිබූ අතර ඉරානයට එරෙහි ජාත්‍යන්තර බලවේග පරාජය කළ යුතු බවට ඔවුන් අවධාරණය කරන ලදී.
මෙය සංවිධානය කර තිබුණේ ඉරානයේ සාමය වෙනුවෙන් වූ ව්‍යාපාරය විසිනි.
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කොමෙනි වෙත දිර්ඝායුෂ පතිමද එහිදී සිදුවිය.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න












