ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීමට තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 17, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීම සඳහා කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

රජයේ වාණිජමය නොවන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම්වලට අනුව මෙම අරමුදල 2026 ජූනි මස 30 වන දින වන විට සම්පූර්ණයෙන්ම වසා දැමීමට නියමිතය.

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවක සුබසාධනය වෙනුවෙන් මෙතෙක් පැවති මෙම අරමුදල මඟින් ඉටු කළ අත්‍යවශ්‍ය සේවාවන් ඉදිරියේදී කම්කරු අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ඇත.

දැනට ප්‍රතිලාභ ලබන පාර්ශ්වයන්ට කිසිදු අගතියක් නොවන පරිදි, අරමුදලේ කාර්යයන් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා විශේෂ ක්‍රියාකාරී සැලැස්මක් ද සකස් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...