සුරූපීය ඇමරිකානු නිළි ඈන් හෑශ් මිය යයි.

Date:

සම්මානනීය නිළියක් මෙන්ම ග්‍රන්ථ කතුවරියක් වූ ඈන් හෑශ් මියගොස් ඇති බව ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් නිවේදනය කර තිබේ. 53 හැවිරිදි ඇය සිය මෝටර් රථය ලොස් ඇන්ජලීස් හි නිවසකට කඩා වැටීමෙන් පසු සතියක් කෝමා තත්ත්වයෙන් පසුවූ ඇය මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.

ලොස් ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට (LAFD) අනුව, ඈන් හෑශ්ගේ වාහනය දැඩි ගින්නකින් පුපුරා ගිය අතර එය සම්පූර්ණයෙන්ම නිවා දැමීමට පැයකට වඩා වැඩි කාලයක් ගිනි නිවන භටයින් 59 දෙනෙකුට ගත වූ බව ප්‍රකාශ කර ඇත. පිළිස්සුම් තුවාල වලට අමතරව, නිළියට දැඩි මොළයේ තුවාලයක් ඇතිව තිබූ අතර එය ඇගේ මරණයට හේතු වූ බව කියැවේ. ඇයගේ නියෝජිතයෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ නැසීගිය නිළිය නීත්‍යානුකූලව මිය ගොස් ඇති නමුත්, ඇයගේ අවයව පරිත්‍යාග කිරීමට ඇය ගැලපෙන්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා ඇයගේ ජීවිත ආධාරක ප්‍රතිකාරය තාවකාලිකව අඛණ්ඩව පවතිනු ඇති බවයි.

ඈන් හෑශ් 1969 දී ඔහියෝ හි උපත ලැබූ අතර ඇගේ ළමා කාලය තුළ ඇගේ පවුල බොහෝ වාර ගණනක් නොයේක් තැන්වල පදිංචියට ගිය අතර ඇගේ පවුල චිකාගෝ වෙත පදිංචියට යාම ඇගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක් විය. ඇගේ රංගනයේ ආරම්භ්‍ය 1980 දශකයේ අගභාගයේදී සිදු වූ අතර ”තවත් ලෝකයක්” නම් සෝප් ඔපෙරාවේ විකී හඩ්සන් සහ මාර්ලි ලව් යන නිවුන් දරුවන් නිරූපණය කිරීම නිසා ප්‍රසිද්ධියට පත් වූ ඇය මෙම භූමිකාවන් වෙනුවෙන් Daytime Emmy සම්මානයක් සහ Soap Opera Digest සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. එම වසරේම, ඇය ටෝනි සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස ද නම් කෙරිණ.

1990 ගණන්වල අගභාගයේදී ඈන් හෑශ් පුළුල් ප්‍රසිද්ධියට පත් වූ අතර, ජොනී ඩෙප් සමඟ අපරාධ නාට්‍ය චිත්‍රපටයක් වන ඩොනී බ්‍රැස්කෝ හි මැගී ලෙස රඟපෑවේය.ඇය ටොමී ලී ජෝන්ස් සමඟ විපත්ති චිත්‍රපටයක් වන Volcano චිත්‍රපටයේ භූ විද්‍යාඥයෙකු සහ භූ කම්පන විද්‍යාඥවරියක වන Amy Barnes ලෙස රඟපෑ අතර, cult Slasher flick I Know What You Did Last Summer හි ඇය මෙලිසා “මිසී” ඒගන්ගේ චරිතය නිරූපණය කළාය.ඇය Gus Van Sant ගේ සම්භාව්‍ය ත්‍රාසජනක චිත්‍රපටයක් වන Psycho හි ප්‍රතිනිර්මාණය වන මැරියන් ක්‍රේන් නිරූපණය කිරීමට පෙර ක්‍රියාදාම හාස්‍ය චිත්‍රපටය Six Days, Seven Nights සහ Return to Paradise යන නාට්‍ය-ත්‍රාසජනක චිත්‍රපටයේ ද පෙනී සිටියාය. මෙලෙස ඇය විසින් සිය රංගනයෙන් දායක වන චිත්‍රපට සංඛ්‍යාව 44 පමණ වන අතර රූපවාහිණී කතා මාලා 37කට පමණ සිය ජීවිත කාලය තුළ දායක විය.

ඇගේ ළමා කාලය හා පවුල් ජීවිතය එතරම් වාසනාවන්ත නොවන අතර ඇයට වයස අවුරුදු 13 දී, ඇගේ පියා HIV/Aids රෝගයෙන් මිය ගිය අතර, පසුව ඇය 2001 වසරේ Call Me Crazy යන ඇගේ මතක සටහන් පොතේ සඳහන් කර ඇත්තේ ඔහු කුඩා කාලයේදීම ඇයව නැවත නැවතත් දූෂණය කළ බවයි. පොත ප්‍රවර්ධනය කරන සම්මුඛ සාකච්ඡා වලදී, ඇය පැවසුවේ අපයෝජනය නිසා ඇයගේ ජීවිතයේ පළමු වසර 31 තුළ උමතු හා අනාරක්ෂිතව පැවැති බවයි. ඇගේ පියාගේ මරණයෙන් මාස තුනකට පසු, ඇගේ සහෝදරයා රිය අනතුරකින් මිය ගිය අතර, එය සියදිවි නසාගැනීමක් ලෙස ඇය විශ්වාස කළාය.

අසාර්ථක විවාහයන් කිහිපයකින්ම පීඩා විඳි ඈන් හෑශ් , පසුව මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළුණු අතර අධික මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අවස්ථා ගණනාවකදී රෝහල්ගත කර ප්‍රතිකාර ලබා ගනු ලැබීය. කෙසේ නමුත් ඇගේ මරණයත් සමඟ දස දහස් ගණනක් වූ ඇගේ රසිකයන්ගේ ශොක පණිවුඩ ගලා එමින් පවතින අතර ඇගේ අහිමිවීම ඇමරිකානු චිත්‍රපට ලෝකයට මහත් පාඩුවක් වනු ඇත. ඇය සැබැවින්ම ඇමරිකානු චිත්‍රපට ක්ෂේත්‍රය තුළ සිය නිසඟ නිර්මාණ හැකියාව විදර්ශනය කළ කෘතහස්ත නිළියක් විය.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...