අවුරුද්දකටවත් අරගල නවතා රට ගොඩනගන්න නම් ඡන්දයක් ඕනෑ – ජවිපෙ සමන්ත

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂය එකඟ නොමැති බවත් වහාම මැතිවරණයක් පැවැත්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“මේ රට වනසන සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි එකඟ නෑ. අපි කියන්නෙ නැවත ජන වරමකට යන්න. ඔයාලා පුළුවන් නම් දිනලා ආණ්ඩු කරන්න. ජනතාව ඡන්දයක් දීලා ආණ්ඩුවක් පත් කළාම ජනතාව ඒකට කැමති වෙනවා. ඡන්දෙ දීපු කට්ටිය විතරක් නෙවෙයි විරුද්ධ කට්ටියත් හිතනවා දැන් මොනවා වුණත් මිනිස්සු කැමති ආණ්ඩුවනෙ, අපි පාරට බහින්න හොඳ නෑ, අඩු ගාණෙ අරගල අවුරුද්දකටවත් නවතින එකක් නැද්ද ? නවතිනවා ! ජාත්‍යන්තරය පිළිගන්නවා අන්න ලංකාවෙ මිනිස්සු ඡන්දෙ දීලා ඒ මිනිස්සු කැමති ආණ්ඩුවක් හදාගෙන, ප්‍රජාතන්ත්‍රවාදීයි. අන්න එතකොට ආධාර ටිකක් එනවා, සංචාරකයො එනවා, ආයෝජකයො එනවා, අරගල නවතිනවා. එතකොට රට නැගිට්ටවන්න පුළුවන්”

සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ ඉන්න පිස්සෝ ටිකක් බිල්ලෝ මවන්න හදනවා.ඒවාට අහුවෙන්න එපා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විපක්ෂයේ සිටින පිස්සන් කණ්ඩායමක්...

අපට දැඩි අභියෝගයක් එල්ල වී තිබෙනවා, නමුත් අපි ඇද වැටී නැහැ

කොළඹ LNW:දැඩි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෑතකදී ඇති වූ...

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...