දඬුලේනාගේ තැන නැතිවෙයිද ? කමිටුවකුත් පත් කරයි

Date:

ජාතික සත්වයා ලෙස නම්කර සිටින දඬුලේනා ඉන් ඉවත් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කළ බව කෘෂිකර්, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්, වනජීවී අමාත්‍යංශයේ ලේකම් ඇතුළු පිරිසක් අදාල කමිටුවට ඇතුළත් වේ.

දඬුලේනා කෘෂිකාර්මික කටයුතුවලට හානි සිදු කරන සත්වයෙකු හේතුවෙන් වගා හානි සිදු කරන සත්ව ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීරණය කර තිබුණද දඬුලේනා ජාතික සත්වයා ලෙස නම්කර ඇති හෙයින් ඊට බාධා සිදුව තිබේ. මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා දඬුලේනා ජාතික සත්වයා ලෙස හැඳින්වීමෙන් ඉවත් කරන ලෙස යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

තවදුරටත් මහජන අදහස් ලබා ගැනීමෙන් පසුව, කමිටුවේ අදහස්ද සලකා බලා අවසන් තීරණය ගන්නා බවයි අමරවීර මහතා සඳහන් කරන්නේ. ජාතික සත්වයා සංශෝධනය කිරීම කිසිසේත්ම හිතුවක්කාරී ලෙස සිදු නොකරන බවද ඇමතිවරයා අවධාරණය කරනවා.

දඬුලේනා වෙනුවට වඳවීමේ තර්ජනයට ලක්ව සිටින, ආරක්ෂා කරගත යුතු සත්වයෙකු ජාතික සත්වයා ලෙස නම් කිරීමටද යෝජනා වී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...