සාදය අවසන් …. !

සැඳෑවේ විල්තෙරක් අසබඩ
කාලෙකින් අපි හමුවුනා
ඇල්ගී අහුරක් ජපන් ජබර මුලක්
කටගැස්මට තබා තිබුනා

හැත්තෑ හය වසරක් පැරණි
කිහිපවරක් පෙරන ලද
මහ මෙරක් රහ “රහමෙර”
අද සාදයේ මුල් තැනම තිබුනා

මිත්‍රවරුණි අප මේ මාහා විලේ
කුඩා මසුන් ලෙස කාලයකින් හමුවුනා
නියං කාලයේ වහසි කොක් බසින් බේරුන
බැවින් මෙලෙස හමුවන්න හැකිවුනා

බෙලිකටු මධු බඳුන්
උස්සා හප්පා සමරන්න
මේ අමතක නොවන සැඳෑවකි කාලෙකින් උදාවුන

මදි නම් තව එකක් අරගන්න
හෙමිහිට මිල්ටන් ගීතයක් මුමුනන්න
කුඩා වරල් සලන්න වරක් උඩ පනින්න

සමාවෙන්න ! සමාවෙන්න !!

අවාසනාවේ වීසි දැල
දැන් මොහොතකට කලින්
විල්තලයට උඩින් විසි වුනා

සාදය අවසන්
මා මිත්‍ර කුඩා මසුනි
හිස්ලූ ලූ අතක
වේගයෙන් යන්න පිහිනා

~ MKCP ශෂීන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...