නිශ්මං රණසිංහ ,මාර්තු 18, කොළඹ LNW:
ලංකාව බලශක්ති ක්‍රියාවලිය පදනම් කරගෙන දිනෙන් දින අර්බූදයට යමින් ඇත.එය මැද පෙරදිග යුද්ධය විසින් ඉක්මන් කර සහ විශාල කර තිබෙනවා මිස ඊට පෙරාතුවද ලංකාවේ ජන ජීවිතයට ඔරොත්තු දීමට අපහසු බලශක්ති වියදමක අපි එරී සිටියෙමු.ඇත්ත එබඳුය.කිසිඳු රජයක් ඒ ගැන විකල්ප සිතීම ප්‍රමාණාත්මකව සහ නිවැරදි සැළසුම් සහිතව කළ බවක් නැත.එය මේ රජයට ද එලෙසම අදාළය.
මේ මොහොතේ ලෝකයේ සාමාන්‍ය තත්ත්වය අනුව බලශක්ති අර්බූදය තුළ ආණ්ඩුව දැඩිව අසමත් වන බව විපක්ෂයට තේරුම් ගැනීමට මහා දැණුමක් අවශ්‍යය නැත.එය ඉතා සරලය.ඒත් ආණ්ඩුව ඊට විසඳුම් ලෙස එකකට එකක් පරස්පර දේ කියමින් සිටියි.උදාහරණයකට ඉන්දියාවට ගැටළුවක් නැති බව සහ ඔවුන් අපව බලා ගන්නා බව ආණ්ඩුවේ ඇතැම් අදහස්වලින් දැක ගන්නට ඇත.එහෙත් විපක්ෂයේ පිරිස් තෙල් පෝලිම්වල පිංතූර දා සැනින් ආණ්ඩුවේ තවත් කොටසක් කරන්නේ ආණ්ඩුව බේරා ගැනීමට මේක ලංකාවට පමණක් බලපාන ගැටළුවක් නොවන බව පෙන්වීමට ඉන්දියාවේ තිබෙන ලංකාවේ දකින්න නොලැබෙන තරමේ දිග තෙල් පෝලිම්වල ඡායාරූප පළ කිරීමය.අවසානයේ එහි ගම්‍ය වන අදහස ලෙස අපට භාරගන්න වෙන්නේ අපටත් වඩා දිග තෙල් පෝලිම් ඇති ඉන්දියාව අපට උදව් කරනු ඇති බවය.
මේ මොහොත වන විට ඉන්ධන ලැබීම ප්‍රශ්නයක් බව අප පිළිගත යුතුය.එසේම විදුලිය නිපදවීමට ගත් ගල් අඟුරු ප්‍රමිතියෙන් බාල වීම නිසා රටට පාඩුවක් වෙන බව ආණ්ඩුවත් පිළිගන්නේය.ඔවුන් පිළිගනිමින් කියන්නෙ එහෙම දෙයක් තියෙනවා. ඒත් අපේ ඇමතිතුමා වංචාවක් කරලා නැහැ අපි හරි සුද්ධයි කියා පිළිගන්න කියාය.එහි රස කතා බොහෝය.ගල් අගුරු සම්පාදකයෙක් හමුවීම යම් ගැටළුකාරි විනය විරෝධි දෙයක් විය හැකි වුව ද,මේ ආණ්ඩුවේ ඇමතිලා විනය විරෝධි වංචාකාරී ක්‍රියා නොකරන බව විශ්වාස කරන්නට කියාය.කෙසේ හෝ මෙහි පාඩුව විදුලි පාරිභෝගිකයා පිට පටවන්නට වන බව පළමු වරට අමාත්‍ය අනිල් ජයන්ත පිළිගත්තේය.එතකොට කතාවේ අවසාන වාක්‍යය මෙවැනි ඉල්ලීමකින් නිමා විය හැකිය.
‘මේ ආණ්ඩුවේ ඉන්නේ හොරකම් නොකරන ඇමතිවරු නිසා මේ පාඩුව ඔබ විසින් දරාගත යුතුය.‘
ඒ සියල්ලම හරිය.ඒත් මේ බලශක්ති නිෂ්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සිඳුවීම මත කරකැවෙමින් නොසිට වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිය ජනනය කරන පද්ධතිවල ධාරිතාවය සෝලා හරහා ක්‍රියාත්මක කළ හැකි පරිදි විශාල කළ යුතු බව විපක්ෂය හෝ නොකියන්නේ ඇයි කියන කාරණය ගැටළුවක්ය.එය විදුලි පාරිභෝගිකයාට වියදම් යන වැඩක් නොවේය.ලාභයක් ලැබෙනාකාරයට ක්‍රියාත්මක කළ හැකිය.පරිසර හානිය ඇත්තේම නැත.
සූරිය නගර වැනි සංකල්පයක සිට පාරිභෝගිකයාගෙන් කොටස් වශයෙන් සහ වැඩිපුර උපයන විදුලියෙන් අය කර ගැනීමට හැකි ලෙස රජය මැදිහත් වී සූර්ය පැනල භාවිතයට යා නොහැකිද?නැතිනම් විපක්ෂයට ගල් අඟුරු අවුලක් ඇත.අපේ ඇමති වංචාවක් කර නැත යන්න මතුරමින් සිටින්නේද?විපක්ෂයද ගල් අඟුරු සහ ඉන්ධනවලින් විදුලිය නිපදවීමේදී රටට දරන්න වන අධික වියදම මෙන්ම එයින් විදුලි පාරිභෝගිකයාට දරන්න වන අධික බිල ගැන සිතා ජනතාවට වැදගත් හිතවත් පියවරකට පිවිස රජයට සූර් බල උත්පාදනයට වැඩි ඉඩක් ලැබෙන සේ රටේ විදුලිය නිෂ්පාදනය කරන ක්‍රියාවලිය වෙනස් කරන්න බල කළ නොහැකිද?
ලංකාවේ විශාල වශයෙන් විදුලිය හරහා උත්පාදනය කරන විදුලිය භාවිතයට ගියහොත්,සූර්ය විදුලිය ලබා ගන්නා අයගෙන් ලැබෙන සහය උපයෝගි කර ගෙන අඩු උත්පාදන වියදමකින් අනෙකුත් පාරිභෝගිකයාටද විදුලිය සම්පාදනය කළ හැකිය.
මැරෙන්න තරම් අසාධ්‍ය තත්ත්වයක සිටියදී හුස්ම හිරවෙනකම්ම සුරංගනා කතා කියමින් රවට්ට රවට්ට ඉන්නේ නැතුව ආණ්ඩුව,හිරු එළිය දවසේ 365 දවසේම ලැබෙන ලංකාව වෙනුවෙන් සූර්ය පැනල හරහා විදුලිය ලැබෙන ක්‍රමයන් විශාල කළ යුතුව ඇත.එම තත්ත්වයට පද්ධතිය පුළුල් කරන්නට යන වියදම මේ මොහොතේ අපහසුවෙන් හෝ දැරීම අවශ්‍යය වන්නේ එය දීර්ඝ කාලීන විසඳුමක් වන බැවිනි.එම ආයෝජනය නොකර තිබෙන තාක් සිඳුවන්නේ රටේ ධනය විදේශ සමාගම් වෙත ගල් අගුරු මිලදී ගැනීමට සහ ඉන්ධන ලබා ගැනීමට වැය කිරීමය.
උත්පාදනයට යන අඩු වියදම මෙන්ම පරිසර හානියක් නොමැතිවීම සහ හිරු එළිය හොඳන් සෑම දිසාවකටම පතිත වන රටක් හැටියට මේ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.එසේම විදුලිය පරිභෝජනය වැඩි කර ගෑස් සඳහා යන මිල අවම කිරීමටද මෙය හේතුවක් කර ගැනීමට හැකියාව මතුවන්නේය.
එසේම ගෘහස්ත ගෘහ උපකරණ වැඩි ප්‍රමාණයක් විදුලියෙන් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කළ හැකි බැවින් ගෑස් අවශ්‍යයතාවයද පහත වැටෙනු ඇත.ඒ ආකාරයටම දැනට ඉන්ධන භාවිතා කර ධාවනය කරන මෝටර් රථ සහ වෙනත් වාහන ද,පාපැදි සහ ත්‍රීරෝද රථද විදුලියෙන් ධාවනය කළ හැකි පරිදි පරිවර්ථනය කිරීම සඳහා ද වෙළද පොළක් ඇති වනු ඇත.
එසේම වැදගත්ම කාරණය මේ වන විටත් ලංකාවේ විදුලි බලයෙන් ධාවනය වන වාහන සම්බන්ධයෙන් දැනට පවතින ආකාරයේ ගෑස් මිලදී ගන්නා ලෙස බැට්රි මිලදී ගැනීමට හැකි මධ්‍යස්ථාන ඇති කිරීමය.දැනට ගෙන්වන වාහනවල තිබෙනවාට වඩා වැඩි බැට්රි ධාරිතාවයක් ඇති වාහන ගෙන්වීම කෙරෙහි මෙන්ම රට වඩා බැට්රි හුවමාරු කරගෙන යා හැකි මධ්‍යස්ථාන මෙන්ම අවශ්‍යයනම් එම ස්ථානවලින් බැට්රිය නැවත සක්‍රීය කර ගත හැකි ස්ථානද දැනට බවතින ඉන්ධව පිරවුම් හල්ම කේන්ද්‍ර කරගෙන ඇති කළ හැකිය.
මේවා සඳහා මුල් තැන දෙමින් වැඩ කටයුතු නොකර ආණ්ඩුවේ වේවා විපක්ෂයේ වේවා පවතින කුඩා ඩීසල් විදුලි බලාගාර සඳහාත් ගල් අඟූරු සඳහාත් මුදල් වැය කරමින් එවැනි අක්‍රමිකතා ගැන දෙපැත්තට චෝදනා කරමින් ඉන්නවා විනා සූර්ය බලයෙන් විදුලිය නිපදවීමේ හැකියාව ගැන සිතා ඒ වෙනුවෙන් කටයුතු නොකිරීම ගැන ආණ්ඩුව සම්බන්ධයෙන්ද,ඒ සඳහා බලපෑම් නොකිරීමෙන් විපක්ෂයද ක්‍රියා කරන්නේ ඇයි ද යන්න සැකයට භාජනය කර ප්‍රශ්න කළ යුතුව ඇත.
මේ කේෂ්ත්‍රයන් සම්බන්ධ පුළුල් දැණුමක් ඇති කොටස් එක්ව සංවිධාන ගත වෙමින් ආණ්ඩුවට මේ කරුණු පෙන්වා දිය යුතුව ඇත.එහෙත් එවැනි දේ සිඳුවන්නේ නැත.ඉන්ධන ලබා ගැනීමට ඇති වී තිබෙන තත්ත්වය තුළ රජයේ නිසි අවධානය යොමු නොවීම ගැන ඉදිරිපත් වන විවේචන ද,බාල ගල් අඟුරු සම්බන්ධයෙන් රජයට එල්ල වන විවේචන ද,ඊට පිළිතුරු ලෙස ආණ්ඩුව ඉතිහාසය මතක් කරමින් වැරදි සහ වංචාවල වැඩි බර කාගේද යන්න පැහැදිළි කිරීමට හදන උත්සාහයද හැරෙන්නට මේ රට ගල් අඟුරුවලින් සහ ඩීසල්වලින් දිවීම කළ නොහැකිය යන කාරණය සම්බන්ධයෙන් දෙපසම අවධානය යොමු කර නැත.
මේ දක්වා විදුලිය උත්පාදනය කිරීමට දරන ලද පිරිවැය සම්බන්ධ දත්ත විමසා බැලුවද තාපයෙන් නැතිනම් දහනයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට දරණ පිරිවැයට වඩා සූර්ය බලයෙන් විදුලිය නිපදවීමට වැය වී ඇති පිරිවැය ශුන්‍ය අගයක් ගන්නා බව පැහැදිළිව දකින්නට ඇත.ගල් අඟරු සහ ඉන්ධන ආනයනයට වැය කළ යුතු විශාල මුදලක් රට තුළ ඉතිරි කර ගැනීමට අවස්ථාව ඇත.ජල විදුලියට වැය වන මුදල පවා අඩු කරමින් එම ජලාශ ආශ්‍රීතව සිඳුවන කෘෂිකාර්මික කටයුතු සඳහා වැඩි ජලයක් ගොවි ජනතාවගේ හිත සුව පිණිස ලබා දීමට හැකියාව ඇත.
ශ්‍රී ලංකාව ඉලක්කම් ඉලක්කයක් පෙන්වා දෙමින් 2030 වන විට ලංකාවේ විදුලිය අපේක්ෂාවන්ගෙන් සියයට 70 ක් සඳහා පුනර්ජනනීය බලශක්තිය හරහා සපයා ගැනීමට සූදානම් බව පෙන්වා දෙමින් ඇත.එහෙත් මෙය ඒ දක්වා කල් දැමීම වළක්වා මේ මොහොතේ ක්‍රියාවට ගැනීම වඩාත් ප්‍රායෝගික පව ක්ෂණිකව නවතින බවත් නොපෙනෙනන යුද්ධය විසින් අපට අවබෝධ කර දෙමින් ඇත.නාගරික වශයෙන් මං විසින් පවසන ලද සූර්ය නගර හෝ වෙනත් ආණ්ඩුවට කැමති පරිදි මාලිමා නගර ලෙස හෝ නම් කර නාගරික ප්‍රදේශවල ව්‍යාපාර,කර්මාන්ත වැනි කාරණා සූර්ය විදුලිය හරහා නිපදවා ගැනීමේ වැඩ සටහනක් සඳහා පිවිසිය හැකිනම් නාගරික නිෂ්පාදන ක්‍රියාවලියද අඩු විදුලි බිල මත පදනම්ව සීඝ්‍රයෙන් වැඩි කර ගැනීමට ලැබෙනු ඇත.
ආණ්ඩු මාරු වුව ද මාරු නොවී පරිසරවේදීන් විසින් පෙන්වා දෙන කරුණු සඳහා සැළකිල්ල යොමු නොකර රජය විශාල පිරිවැයක් දරමින් පෞද්ගලික ඩීසල් විදුලි බලාගාර භාවිතය ජනතාව වෙනුවෙන් සිඳු කරන යහපත් කලමණාකරනයක් නොවන්නේය.මේ නිසා ලෝක වෙළද පොළේ මේ මොහොතේ ඇති වී තිබෙන යුද්ධය නොවුණත්,කුමන හෝ ආකාරයක වැරදි මැදිහතත්වීමකින් ඩීසල් බලාගාරවලින් වැඩි මිලට විදුලිය විකිණීමට එකඟ වී ඇත.
මේ ආකාරයෙන් පාරිභෝගිකයාට හෙවත් පුරවැසියාට විදුලි බිල ලෙස ඔරොත්තු නොදෙන ගණනක් ගෙවන්නට සිඳු වීම නවත්වාලමින් විදුලි බිල ලෙස සූර්ය බලයෙන් විදුලිය ලබා ගැනීමේදී පහසු සහ පොඩි මිලක් ලබා ගැනීමට හැකිවනු ඇත.ඒ නිසා පක්ෂ විපක්ෂ පිරිස් ගල් අඟුරු නැවේ සහ ඉන්ධන මිලදී ගැනීමේ එල්ලී නොසිට ඒ වෙනුවට පලදායීම පිළිතුර ලෙස සූර්ය විදුලිය නිපදවීමට අවශ්‍යය පහසුකම් වහාම ඉටු කර දිය යුතුය. ඒ දක්වා මේ සිඳු කරමින් පවතින මතවාදී ගැටුම,බොහෝ හේතුන් මත ඉහළ සහ පහළ යා හැකි පිරිවැය පදනම් කරගෙන කරන දෙයකි.රය ශුන්‍ය අගයකට ගෙන ඒමට හැකි ක්‍රමය නොසළකා ඉහත තත්ත්වය ගැනම සංවාද කරමින් කල් මැරීම ඇතුළේ ඇත්තේ බලශක්ති අර්බූදය සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ, රට හෝ ජනතාව ගැන නිවැරදි උවමනාවක් නියෝජනය කිරීම නොවේය.
ජනතාවගේ ආර්ථිකයටද සෞඛ්‍යයටද වඩාත් හිතකර බලශක්ති උත්පාදන මාධ්‍යයක් ලෙස දින 365 ම හිරු එළිය ලැබෙන රටක එය නොසළකා විශාල විදේශ විනිමයක් වැය කරන මාර්ග කෙරෙහි අවධානය යොමු කරමින් පක්ෂ – විපක්ෂ දෙපිරිසම සිඳු කරන බොරු සද්දයකි. මෙයින් ජනතාව වෙනුවෙන් කළ යුතු සැබෑ මැදිහත්වීම වසාගෙන සිටින බව පළමු කොට ජනතාව තේරුම් ගත යුතුය.අපට මේ තරම් විදුලි බිලක් ගෙවීමට සහ ප්‍රවාහන වියදමක් දැරීමට නොහැකි බවත් අපේ පසුම්බියට මීට වඩා සහනයක් ලබා දිය හැකි සහ අපේ පරිසරයට වඩාත් හිතකර වූ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස තිබෙන සූර්ය බලශක්තිය ජනතාව වෙත ලබා ගැනීමට හැකි ආකාරයට රජය කටයුතු කළ යුතුව ඇත.ඒ සහන ලබා ගැනීම වෙනුවෙන් ජනතාව පෙළගැස්වීමට සිඳු විය යුතු සිවිල් සමාජ මැදිහත්වීම ලෝකය මුහුණ දී තිබෙන මේ යුදමය තත්ත්වය තුළ නොපමාව සිඳු විය යුතුය.එසේ නොවී පමාවන සෑම තත්ත්පරයකම ජනතාවගේ දෛනික පරිභෝජන අවශ්‍යයතාවයන් පවා පිරිමසා ගැනීමට නොහැකි තැනකට ක්‍රමයෙන් පත්වෙමින් ඇත.එසේම රටේ විදේශ සංචිත වේගයෙන් ක්ෂය වෙමින් යනු ඇත.
වැට ගැසිය යුතු මොහොතේ වැට නොගසා අලි පැන්න පසු එලවන්න දඟලන ස්වභාවයේ ලංකාවේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනය ජනතා ප්‍රේමී එකක් නොවන බව සියළු ආකාරයේ සිවිල් සංවිධාන පක්ෂ දේශපාලනයෙන් බැහැර වී ක්‍රියා කරන තැනකට පැමිණිය යුතු මේ අවස්ථාව අත් හැරියොත්,ඔවුන් ද වැටෙන්නේ අලි ඒම වැළක්වීම වෙනුවට අලි එලවීමේ දුෂ්කර තැනට පැමිණ ජනතාව මුලාවේ දමන්නන්ගේ ගොඩටය.





