ලෝකයේ බල සම්පන්නම නායකයා රනිල්. එතුමාට සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන් – වජිර (VIDEO)

Date:

අරගලයට දායක වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව බලාපොරොත්තු වුණේ සමාජ ක්‍රමයේ වෙනසක් බවත් එය ඉටු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බොහෝ අය ඇඟිල්ල දික්කරන්න උත්සාහ කරනවා, මර්දන කියන වචනය යොදන්න යනවා. මර්දන කියන වචනය යොදන්න සිද්ධ වෙනවා ප්‍රජාතන්ත්‍ර විරෝධී නම්. අර අරගල භූමියේ හිටපු ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ප්‍රාර්ථනය මංකොල්ල කෑම නොවේ, ගිනිතැබීම නොවේ, විනාශ කිරීම නොවේ. ඒ අයගේ ප්‍රාර්ථනය සිස්ටම් චේන්ජ් එකක්, සමාජ වෙනසක්. එය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කළ හැකි බව මට ප්‍රකාශ කරන්න පුළුවන්.

ලෝක නායක ලැයිස්තුවට ඔබත් ගිහිල්ලා පර්යේෂණයක් කරන එක හොඳයි මාධ්‍ය හැටියට. ලෝක නායක ලැයිස්තුවේ දැනට සිටින ලෝකයේ බල සම්පන්නම නායකයෙක් ශ්‍රී ලංකාව පාලනය කරනවා. එය දරාගන නොහැකි පුද්ගලයින් සිටිය හැක, එයට කරන්න දෙයක් නෑ. එය ආරක්ෂා කිරීම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ යුතුකමයි. එය බලාගෙන සිටීමට නොහැකි ජාත්‍යන්තර ප්‍රජාවකුත් ලෝකයේ ඇති. ලෝක නායක ලැයිස්තුවේ ඔබ වෙන් වෙන් වශයෙන් ගිහින් බලන්න රටවල් අනුව සමීක්ෂණයක් කරලා, අද ලෝකයේ බල සම්පන්නම නායකයා ඉන්නෙ ශ්‍රී ලංකාවේ. එහෙනම් ඒ නායකයා ශ්‍රී ලංකාවේ යහපත සඳහා භාවිතා කළ යුතුයි. වැටුණු රට එතුමා ඔසවා තැබීම ගැන කිසිම සැකයක් නෑ”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ පෙරේදා (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...