කලු වළාවේත් රිදී රේඛා – ගෑස් පෝලිම් නිසා බිහි වූ නව රැකියා අවස්ථා

Date:

ගෑස් පෝලිම්, සහල් පෝලිම්, සීනි පෝලිම්, කිරිපිටි පෝලිම් හේතුවෙන් වත්මන් ආණ්ඩුව බොහෝ දෙනෙකුගේ උපහාසයට ලක්ව තිබේ. සමාජ ජාලා මාධ්‍ය පරිශීලකයන් පසුගිය දිනවලදී ප්‍රකාශ කළේ රට නැවතත් 70 දශකයේ පෝලිම් යුගයට ගමන් කරමින් සිටින බවයි.

බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැය ගණන් පෝලිමේ සිටීමට සිදුව ඇති අතර එකවර පෝලිම් කිහිපයක රැඳී සිටිය නොහැකි බැවින් මුදල් ගෙවා පෝලිම්වල රඳවා තැබීමට වෙනත් පුද්ගලයන් හයර් කිරීමට සිදුවන බවද ඇතැම් සමාජ ජාලා මාධ්‍ය පරිශීලකයන් උපහාසාත්මකව ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් කාටුන් පවා නිර්මාණය විය.
‍‍
උපහාසයට කී එය මේ වනවිට යථාර්ථයක් බවට පත්ව තිබේ. රුපියල් 500 බැගින් අයකර ගෑස් පෝලිම්වල රැඳී සිටින පුද්ගලයන් පිළිබඳව මේ වනවිට කොළඹ නගරයෙන් සහ වෙනත් ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා. රැකියාවල නිරත වන පුද්ගලයන් ගෑස් පෝලිම්වල රැඳී සිටීමට නිවාඩු ලබා ගැනීමට නොහැකි නිසා රුපියල් 500 බැගින් ලබා දී වෙනත් පුද්ගලයන් පෝලිම්වල රඳවා තැබීමට කටයුතු කරනවා.

කොළඹ නගරයේ ඇතැම් ප්‍රදේශවල ගෑස් ලබාගැනීමට දින දෙකක් පෝලිමේ සිටීමට සිදුව ඇති බව පෝලිමේ සිය ස්ථානය වෙනුවෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද රුපියල් 500 – 1000 අතර මුදලක් වැය කිරීමටද සිදුව ඇති බවයි ගෑස් පාරිභෝගිකයන් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...

ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2025 වසරේ ශ්‍රී...

දේශපාලන අරමුණු ඉටුකරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තෝතැන්නක් කරගන්න එපා – වර්ජනයේ නිරත GMOA වෛද්‍යවරුන්ට නි. ඇමති කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වැඩවර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් ඉතා...

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...