සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ(13)දිනයේදී Truth Social සිය සමාජ මාධ්‍ය ගිණුමේ ක්‍රිස්තුස් වහන්සේට සමාන චරිතයක් ලෙස තමන්ව නිරූපණය කරන AI රුපයකට කිතුනුවන් දක්වන ලද විරෝධතාවයන් හේතුවෙන් මකා දමා තිබේ.
මෙය ලෝකයේ කිතුනුවන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර මෙම AI රූපය මඟින් ඔහු දෙවියන්ගේ පුත්‍රයා ලෙස ක්‍රිස්තුස් වහන්සේට සමාන චරිතයක් ලෙස නිරූපණය කරමින් , ඔහුගේ අත්වලින් දිව්‍ය ආලෝකය විහිදුවමින් රෝහල් ඇඳක සිටින රෝගියෙකු සුව කරන අතරතුර නිරයෙන් පැමිණි යක්ෂයෙකු පසුබිමේ පාවෙමින් සිටිනු දක්වනට ලැබේ.
ජනාධිපති ට්‍රම්ප් එම ස්ථානයේ XIV වන ලියෝ පාප් වහන්සේ පිළිබඳ දීර්ඝ විවේචනයක් කර තිබු අතර කතෝලික ඉතිහාසයේ පළමු එක්සත් ජනපදයේ උපන් පාප් වහන්සේ වන ලියෝ පාප් වහන්සේ විසින් ඉරානය සමඟ යුද්ධය වටා සර්වබලධාරිත්වයේ මායාවක් එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන බවත්, ට්‍රම්ප් පරිපාලනයට මම බිය නොවන බවට කරන ලද ප්‍රකාශයක් මෙයට හේතු වී ඇත.



