ඉරානයට එරෙහිව විශාල ප්‍රහාරයක් අතළඟ බව රුසියාව අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයට එරෙහිව විශාල ප්‍රහාරයක් සඳහා ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය රහස් සාකච්ජා පවත්වමින් සිටින බව රුසියානු ආරක්ෂක කවුන්සිලය (Russian Security Council) දැඩි අනතුරු ඇඟවිම් නිකුත්කර තිබේ.

එමෙන්ම මේ සඳහා එක්සත් ජනපදය මැදපෙරදිග කලාපයේ හමුදා බලය වැඩි කරමින් සිටින බවත්, එයට සුදානම් වීම සඳහා කල් තියා සැලසුම් කරන ලද සති දෙකක සටන් විරාමය භාවිතා කළ බවත්, රුසියානු බුද්ධි අංශ හෙළි කරමින් රුසියානු රාජ්‍ය මාධ්‍ය වන TAAS වාර්තා කර ඇත.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය නීති විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චෝදනා කළ අතර, මෙම පියවර කලාපය අස්ථාවර කිරීමට සහ ජාත්‍යන්තර නීතිය නොසලකා හැරීමට සැලසුම් කර ඇති බවට ප්‍රකාශ කර ඇත. එමෙන්ම එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන අඛණ්ඩ ක්‍රියාමාර්ග අනපේක්ෂිත ප්‍රතිවිපාක නිර්මාණය කරන බවට රුසියාව අනතුරු අඟවා ඇති අතර අනෙකුත් ජාතීන් විශාල ගැටුමකට ඇද දැමිය හැකි ක්‍රියාමාර්ග නතර කරන ලෙස දෙපාර්ශවයෙන්ම ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...