සටහන – රුවන් නෙළුගොල්ල
මේ මොහොත වනවිට ආණ්ඩුව අභියෝග රාශියක් මධ්‍යයේ වුවත් නොසැලී ස්ථාවරව රට ඉදිරියට ගෙන යමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
“අපේ රටේ වැදගත්ම සංස්කෘතික මංගල්‍ය සමරන මේ වෙලාවේදී රටක් සහ ලෝකයක් හැටියට අපි ඉන්නේ යම්කිසි අභියෝග රාශියක් මැද්දේ. එක පැත්තකින් මැදපෙරදිග කලාපයේ යුද්ධය, ඒ යුද්ධය තිබුණත් නතර වුණත් තව මාස කිහිපයක් යනකල් එහි බලපෑම තිබේවි, ඒ වගේම අපි මුහුණ දීපු දිට්වා සුළි කුණාටුව, එවැනි අභියෝග හමුවේ නමුත් අපි නොසැලී ස්ථාවරව රට ඉදිරියට අරගෙන යමින් පවතිනවා”
නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.




