වැලිසර හිටපු පිල්ලෙයාන් බන්ධනාගාර රෝහලට!

කොළඹ LNW: නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා 2006 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී මේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කිරීමේ නියෝග මත වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වැලිසර රඳවා සිටියදී ඇති වූ රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහුව බන්ධනාගාර ගත කර ඇති බවටයි වාර්තා වුණේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පසුගිය 02 අනිදා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර නීතිපති උපදෙස් ලැබෙනතුරු රක්ෂිත බන්ධනාගාර කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඔහුව වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටි බව සඳහන්.