අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් එහිමි වැඩවාසය කරන විහාරස්ථානය වෙත ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව නිට්ටඹුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස්, මේ වනවිට එම විහාරස්ථානය වටළාගෙන සිටින බවයි ආරංචිමාර්ග පැවසුවේ.
කාන්තාවක් අපයෝජනය කිරීමේ චෝදනාවක් මත එහිමියන්ව මෙසේ අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.


