තර්ජනය කරලා, පහරදීලා, ගොම ගහලා අපේ ගමන නවත්වන්න බෑ – සුගීෂ්වර

මහාභාණ්ඩාරයේ සිදුව ඇති රුපියල් කෝටි 80ක හොරකමට විරෝධය පළකරමින් සාමකාමී විරෝධතාවක නියැළුණු තමන්ට පොලීසිය ද බලා සිටියදී පැලවත්තේ මැර කණ්ඩායම් විසින් එල්ල කරන ලද ප්‍රහාරය තරයේ හෙළාදකින බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසයි.

“88 – 89 නැවත වතාවක් අපේ ඇස් ඉදිරිපිටම දකින්න හම්බුණා. 88 – 89 දී අපි පොඩියි. අපි අහලා තිබුණා මේ කට්ටිය බස් ගිනිතියපු විදිහ. අපි අහලා තිබුණා මේ කට්ටිය කතරගම පෙරහැරට බෝම්බ ගහපු විදිහ. අපි අහලා තිබුණා මේ කට්ටිය ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියපු විදිහ, තේ කර්මාන්තශාලා ගිනිතියපු විදිහ, මිනිස්සු මරලා ලයිට් කණුවල එල්ලලා තිබිච්ච විදිය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කතා කරපු මිනිස්සුන්ගෙ කටවල් කපපු විදිහ. හැබැයි අපි අද අත්වින්දා. අපි අද ගියේ මේ රටේ මහාභාණ්ඩාගාරයෙන් කෝටි 80ක මුදලක් හොරකම් කිරීම ගැන අහන්න. සාමකාමී නිහඬ විරෝධතාවයකට. කොහොමද ආණ්ඩුවේ ප්‍රතිචාරය වුණේ ? දැන් ආණ්ඩුව රකින්න හදන්නෙ කාවද ? මේකෙ ප්‍රධානම චූදිතයාව රැකගැනීමේ අරමුණින් තමයි පැලවත්තේ මෙහෙයවීමෙන් ඒ මැර කණ්ඩායම ආවෙ. පොලීසිය බලන් ඉද්දී නිරායුධ සාමකාමී විරෝධතාකරුවන්ට යකඩ පොලි අතැතිව, ආයුධ අතැතිව, ගොම සහ වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කරපු වතුර අතැතිව, ගල් අතැතිව තමයි ඔවුන් උත්තර දුන්නෙ. අපි කියනවා ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනෙ මෙහෙම තර්ජනය කරලා, පහරදීලා, ගොම ගහලා මේ ගමන නවත්වන්න බෑ. අද රටේ හැමතැනම තියෙන්නේ දූෂණය වංචාව. මේ ආණ්ඩුව ෆේල්. අසමත්. ඒ නිසා අපි අනුර කුමාර දිසානායක මහත්තයාට කියනවා කරුණාකරලා ඉල්ලා අස්වෙලා භාරකාර ආණ්ඩුවක් පත්කරන්න. මේ විදියට ගියොත් රට ඉතාම ඉක්මනින් බංකොලොත් වෙයි ඔබතුමන්ලාගෙ අසමත්භාවය සහ ඔබතුමන්ලාගෙ හොරකම හින්දා. ඉතින් අපි මෙම ප්‍රහාරය තරයේ හෙළාදකිනවා. ලංකාවෙ පොලීසිය ගැන අපිට මීට වඩා බලාපොරොත්තු වෙන්න බෑ, මොකද ප්‍රියන්ත වීරසූරිය ලංකාවෙ පොලීසිය නාඩගම් මඩුවක් කරලා තියෙන්නෙ”

සූගීෂ්වර බණ්ඩාර මේ බව පැවසුවේ ඊයේ (28) සවස මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!