විමල්ගේ ජනාධිපතිවරණ ගමන ඇරඹෙයි. නව සන්ධානය එළිදැක්වීම අද …

Date:

හිටපු අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සන්ධානය එළිදැක්වීම අද (04) පස්වරුවේ මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිත ය.

විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය, වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, යුතුකම ජාතික සංවිධානය ඇතුළු දේශපාලන පක්ෂ 09ක් මෙම සන්ධානය තුළ එක්ව කටයුතු කරති.

එම සන්ධානයේ නාමය ප්‍රකාශයට පත්කිරීම, නායකත්ව මණ්ඩලය පත්කිරීම සහ එහි ප්‍රතිපත්ති ප්‍රකාශයට අත්සන් තැබීම අද දිනයේදී සිදුකිරීමට නියමිතව ඇත.

විමල් වීරවංශ මහතා රාජ්‍ය නායකත්වය බලාපොරොත්තුවෙන් වෙනම උපක්‍රමශීලී දේශපාලන ගමනක් ආරම්භ කළේ 2019ටත් පෙර සිට වන අතර ඔහුගේ නායකත්වයෙන් යුත් මෙම සන්ධානය බිහිකිරීම එම ගමනේ තවත් ඉදිරි පියවරකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ නායේ යෑම් වලින් මිය ගිය ගණන 11 දක්වා වැඩි වෙයි. තවත් 07ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන...

ඉම්රාන් ගැන සැක සහිත අවාසනාවන්ත පුවත් පැතිරෙන රාවල්පිණ්ඩි හී දී සටන් වදින්නට වී තිබෙන ශ්‍රී ලංකාව..

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: පකිස්තානයේ පැවත්වෙන පකිස්තානය,ශ්‍රී ලංකාව...

දඬුවමට ලකුණු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW : ඔන්ලයින් දඩ ගෙවීමේ...