යුද්ධයෙන් වැගිරෙන ලේ සහ කඳුළු!

සටහන – රත්නපාල ගමගේ 
මැයි 01, ස්විට්සර්ලන්තය (LNW) :
 

නැගිටපන් මල්ලියේ
පාතිමා කෑගසයි
වහලයක් කඩාගෙන
බෝම්බය පිපිරිලා

ගිනි වලලු ඇග උඩ
පුන්චි දරුවන් මියැදිලා
සමහරක් කෑගසති
ලේ විලක් මැද ඉදන්

සුන්වූ දෙපා සමගින්
මල්ලිවත් කර පින්නාගෙන
පාතිමා එක පිම්මෙ
දිව ගියා ගෙදරටම

ගෙදරටත් ඒ වෙලේ
කණකොකා ඇවිදින්
වහලයත් බිමවැටී
ගෙදර සැම මියදිලා

දෙපා සුන් මල්ලිව
තිබ්බ අම්මගෙ තුරුලෙම
ඇස් ඇරන් හිටිය මිස
නෑ ඇහුනෙ කෙදිරියක්

කෑ ගසා හැඩුව මුත්
නෑ කිසිම කෙනෙක්වත්
ආවෙ අපෙ පිහිටට
මුලු රැයක් පුරාවට

නරයින්ගෙ කඳුලකට
උණුවෙන දෙවිදු අසුනට
දුක නොදැනෙන්නෙ ඇයි මේ
අසුන ඒ සී කල නිසාවත්ද

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...