ලබන මස සිට වතු කම්කරුවන්ට අමතර දීමනාවක් – ප්‍රතිපාදන ලෝක ආහාර වැඩසටහනෙන්

Date:

සියලු වතු කම්කරුවන්ට ලබන මාසයේ සිට විශේෂ අමතර දීමනාවක් ලබාදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. මෙරට ආර්ථික අර්බුදය සැළකිල්ලට ගෙන ලෝක ආහාර වැඩසටහන සහ ලෝක බැංකුව විසින් ලබාදෙන ආධාරවලින් මේ සඳහා මුදල් වෙන්කර තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍යංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ආර්ථික අර්බුදය හමුවේ දැඩිලෙස පීඩාවට පත්ව සිටින වතු කම්කරු ප්‍රජාවට අමතරව නාගරික වතු ප්‍රජාවටද මෙම දීමනාව හිමිවන බවයි අමාත්‍යවරයා පවසා තිබෙන්නේ.

ජපානය, දකුණු කොරියාව, ඊශ්‍රායලය ඇතුළු රටවල් සඳහා යවන ශ්‍රමිකයන් ප්‍රමාණය ඉහළ දැමීමටද පියවර ගන්නා බව මනුෂ නානායක්කාර මහතා පවසා තිබේ. මෙම රටවල් සඳහා ශ්‍රමිකයන් යැවීමේදී සිදුවන විවිධ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමටද තීරණය කර ඇති අතර එවැනි වංචනිකයන්ට හසු නොවන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද පැවති උපදේශක කාරක සභාව සඳහා ජෝන් සෙනෙවිරත්න, වඩිවේල් සුරේෂ්, ඩී.බී. හේරත්, වේලු කුමාර් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගි වී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...