බැසිල් රාජපක්ෂට අයත් යැයි කියැවුණු, රජයට පවරාගෙන තිබූ මල්වානේ පිහිටි නිවස සහ ඉඩම අත්පත් කරගෙන සිටින ජවිපෙට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට එරෙහිව නව ජනතා පෙරමුණ විසින් දොම්පේ පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.
“මේ නව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ බළල් අත. පැලවත්තේ ජවිපෙ කාර්යාලය විසින් මේ න්‍යාය පත්‍රය හදලා, බොරු නව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියලා බොරු එකක් අටවාගෙන මේ රාජ්‍ය දේපළ අත්පත් කරගෙන තියෙනවා. අපට සැකයක් තියෙනවා මේ දේපළත් පැලවත්තට යයිද කියලා, පැලවත්තෙ ගිණුමට බැරවෙයිද කියලා. අපිත් විශ්වවිද්‍යාලවල මේ සටන කරා. අපි මේ නව අන්තරේ ශිෂ්‍ය වීරයින්ට කියන්න කැමතියි ශිෂ්‍ය සටන් ගැන දන්නෙ නැත්නම් බංකුවක් අරගෙන එන්න, අපි ශිෂ්‍ය ව්‍යාපාරය ගැන කියලා දෙන්නම්. මේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මේ අද කරන දෙකයි පනහේ ශිෂ්‍ය ව්‍යාපාරයක් නෙවෙයි. ඉතාම ඉක්මනින් පොලීසිය අධිකරණය කරුණු වාර්තා කරලා අධිකරණ නියෝගයක් අරගෙන ඉතාම ඉක්මනින් මේ ශිෂ්‍ය පිරිස අයින් කරන්න. අයින් කරේ නැත්නම් මේක මේ සමස්ත ශ්‍රී ලංකා පුරවැසියන්ට කියනවා, තමන්ගෙ දේපළ ජනතා විමුක්ති පෙරමුණෙන් බේරගන්න වෙන තත්වෙට පත්වෙන්න පුළුවන්”
නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මේ බව පැවසුවේ ඊයේ (16) පස්වරුවේ අදාළ පැමිණිල්ල පොලීසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


