කොළඹ LNW:ශාන්ත කේ. හේරත්, සුදත් අබේසේකර සහ සම්පත් කරුණාසේන යන සිත්තරුන් තිදෙනාගේ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේ ඩී ඒ ශාලාවේ පැවැත්වෙයි.
ඊයේ (16) පස්වරුවේ එයාරම්භ වූ අතර එළඹෙන 20 වැනිදා දක්වා එය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
2023 දී සංස්කෘතික හුවමාරු වැඩසටහනකට ආසියාතික රටවල්වල චිත්‍ර ශිල්පීන් දොළොස් දෙනෙක් එක්ව චීනයේ කළ සංචාරයකදී මේ තිදෙනා අතින් චිත්‍රයට නැගුණු චීනයේ විවිධ ඉසව් මේ දෘෂ්‍ය කලා ප්‍රදර්ශනයේදී දැක බලා ගතහැකියි.
මෙම සිත්තරුන් චීන සම්ප්‍රදායයන්ට අනුගත වෙමින් නිර්මාණය කළ චිත්‍ර මෙහිදී ප්‍රදර්ශනය කෙරෙයි.
මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමට ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ උපදේශිකා ජී ලිලී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න

























