ඩොලර් මිලියන 2.5 හොරකම : සල්ලි හම්බුණොත් ගෙවනවා, නැත්නම් ඉතින් ජනතාවගෙන් තමයි – හර්ෂණ කියලා !

සටහන – රුවන් නෙළුගොල්ල

විදෙස් ණයක් ගෙවීමට යාමේදී වංචනික පාර්ශ්වයක් අතට ගිය ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල යළි සොයාගැනීමට හැකිවුවහොත් පමණක් මහාභාණ්ඩාගාරයට එය පියවාගත හැකි බවත් එසේ නොවුණහොත් එය ගෙවීමට සිදුවන්නේ ජනතාවට බවත් මුදල් අමාත්යාංශයේ සහ මහාභාණ්ඩාගාරයේ ලේකම්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඊයේ (08) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති රජයේ මුදල් කාරකසභා රැස්වීමේදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මේ බව පැවසූ බවයි එම කාරකසභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ.

ප්‍රශ්නය – ජනතාවටද මේක දැන් අන්තිමේ ගෙවන්න වෙන්නෙ ? වෙන විදියක් නැද්ද මේකට ?

“දැන් ලේකම්තුමාගෙන් මම ඒ ප්‍රශ්නෙ ඇහුවාම කිව්වා මේ සල්ලි හොයාගන්න පුළුවන් වුණොත් ඒ ටික ගෙවන්න පුළුවන්, නැත්නම් ඉතුරු ටික ජනතාවගෙන් තමයි කියලා. මේ සල්ලි ආයෙ හොයාගන්න හැකියාවක් නැහැ. ජනතාවට තමයි ගෙවන්න වෙන්නෙ. ඩොලර් මිලියන දෙකහමාරක් අලුතින් බජට් එකේ ඇමෙන්ඩ්මන්ට් එකක් දාලා ගෙවන්න වෙනවා”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති මුදල් කාරක සභා රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටව යද්දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...