ඇමති පට්ටම් ගත් මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගන්න මෛත්‍රී සූදානම් වෙයි

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක හැර වෙනත් කිසිදු ආණ්ඩුවක ඇමති තනතුරු ලබා නොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණයකට පැමිණ තිබියදී ඊට පටහැනිව යමින් කැබිනට් හා රාජ්‍ය ඇමති තනතුරු ලබාගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

පක්ෂ ව්‍යවස්ථාවෙන් සභාපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව ඉදිරි දිනවලදී විනය පරීක්ෂණ ආරම්භ කරන බවයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ට උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් පසුව කැබිනට් තනතුරු ලබාදීමේදී ශ්‍රීලනිප පාර්ශ්වයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා කැබිනට් ඇමති තනතුරුවලට පත්විය. ඉන් අනතුරුව මෑතකදී රංජිත් සියඹලාපිටිය, චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, සුරේන් රාඝවන් යන මන්ත්‍රීවරුන් රාජ්‍ය ඇමති තනතුරු ලබා ගැනීමට කටයුතු කළේය.

ඇමති ධුරයක දිවුරුම් දුන් නිමල් සිරිපාල ද සිල්වා මහතා, තමන්ට එරෙහිව ශ්‍රීලනිපය විනය ක්‍රියමාර්ග ගැනීමට සූදානම් වන බැවින් ඊට එරෙහිව නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකළ අතර එහිදී ශ්‍රීලනිප ලේකම්වරයා අධිකරණය වෙත දැනුම් දී තිබුණේ නිමල් සිරිපාල මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බවයි.

මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත කැබිනට් සංශෝධනයේදී ශ්‍රීලනිප පාර්ශ්වයේ දුමින්ද දිසානායක මහතාද ආණ්ඩුවට එක්වෙමින් ඇමති ධුරයක් බාර ගැනීමට සූදානමින් සිටින බවට මාධ්‍ය වාර්තා පළ වේ.

එසේ වුවහොත් ශ්‍රීලනිප සභාපතිවරයා සමග ඇමති ධුර බාර නොගැනීමේ තීන්දුව තවදුරටත් ආරක්ෂා කරන මන්ත්‍රීවරුන් බවට පත්වන්නේ ලේකම් දයාසිරි ජයසේකර සහ අංගජන් රාමනාදන්, ශාන් විජයලාල් ද සිල්වා සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මන්ත්‍රීවරුන් පමණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...