‘බුදුන් වහන්සේ අයිති කාටද? ළමා කෘතිය දොරට වඩී!(PHOTOS)

කොළඹ LNW:ආචාර්ය පූජා කලිතා විසින් රචිත ‘බුදුන් වහන්සේ අයිති කාටද?’ නමැති ළමා පොත දොරට වැඩීම උදෙසා කතාබහක් ඊයේ (12) වන දින පස්වරුවේ කොළඹ, නිදහස් මාවතේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

එක් අවස්ථාවකදී, මෙම පොතේ ප්‍රධාන චරිතය වන තාරා නම් දරුවාගේ පියා පවසන්නේ, “බුදුන් වහන්සේ අයිති වන්නේ කරුණාවන්ත, අනුන්ට ආදරය කරන, අවංක, හැමෝටම උදව්කරන හැමදෙනාටම” බවයි. තාරා ඉන්දු-නේපාල දේශසීමාව අසල ඉන්දීය ගමක ජීවත් වන කුඩා දරුවෙකු වන අතර, ඇයගේ පියා එම දේශසීමාවෙන් ඔබ්බේ පිහිටි ලුම්බිණියට රැකියාව සඳහා යයි.

බුදුන් වහන්සේ උපත ලැබුවේ වර්තමාන නේපාලයට අයත් භූමියක වන අතර, උන්වහන්සේ ජීවත් වූයේ වර්තමාන ඉන්දියාවට අයත් භූමියකය. එමෙන්ම, උන්වහන්සේගේ ධර්මය (ථේරවාදය) දකුණු ආසියාව තුළ වඩාත්ම ප්‍රචලිතව පවතින්නේ වර්තමාන ශ්‍රී ලංකාව තුළය. මෙවැනි පසුබිමක, “බුදුන් වහන්සේ අයිති කාටද?” යන්න පිළිබඳව තාරා නඟන ප්‍රශ්නය වටා මෙම කතාව ගෙතී තිබේ.

මෙම පොත ඉංග්‍රීසි, සිංහල, නේපාලි සහ හින්දි යන භාෂාවලින් ප්‍රකාශයට පත් කර ඇත. මෙය කොළඹ ‘තම්බපණ්ණි ඇකඩමික් පබ්ලිෂර්ස්’ ආයතනය විසින් ඔවුන්ගේ ‘තම්බපණ්ණි ටේල්ස්’ (Tambapanni Tales) සන්නාමය යටතේ ප්‍රකාශයට පත් කර තිබේ. මෙහි සිතුවම් නිර්මාණය අනෝලි පෙරේරා විසිනි.

ජායාරූප – හිරුෂිකා ප්‍රහිභානි අමරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2001 වසරේදී මයිකල්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...

සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2026 ඔක්තෝබර් අගභාගයේදී...

පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...