එක්සත් රාජධානියේ වයස අවුරුදු 16 න් පහළ ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් රාජධානියේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතාව තහනම් කරන බව අගමති කියර් ස්ටාමා ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඩවුනින් විදියේ පැවති සාකච්ජාවකදී මාධ්‍යවේදීන් අමතිමින් අගමැතිවරයා සඳහන් කර තිබුණේ, සමාජ මාධ්‍ය ළමයින් අසතුටට පත් කරයි, එය හිරිහැර කරන්නන්ට ඔවුන්ට හිරිහැර කිරීමට සහ අපයෝජනය කිරීමට පහසු කරයි, එය ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට පවා හානි කළ හැකි බවයි.

මෙම සැලැස්මට ක්‍රීඩා යෙදුම් වැනි මාර්ගගත සියලුම ප්‍රධාන සමාජ වේදිකා තහනම් කිරීම ඇතුලත් වන අතර වසර අවසන් වන විට නීති සම්මත කිරීම අරමුණ වන බවයි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

2025 දෙසැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ ලොව පළමු රට බවට පත්වීමත් සමඟ කැනඩාව, ඩෙන්මාකය, ප්‍රංශය, ජර්මනිය,ග්‍රීසිය,ඉන්දුනීසියාව, මැලේසියාව,පෝලන්තය, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය හා තුර්කිය ද වයස 16ට අඩු දරුවන් වෙනුවෙන් සමාජ මාධ්‍ය සිමා කිරීම් ජාතික අවශ්‍යතාවක් වශයෙන් සලකා නීති සම්පාදනය කිරීමට කටයුතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...