රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW :
මුද්‍රණ, ඇසුරුම්, ලේබල් කිරීම, සංඥා සහ ග්‍රැෆික් සන්නිවේදන කර්මාන්ත සඳහා දිවයිනේ විශාලතම වෙළඳ ප්‍රදර්ශනය ලෙස සැලකෙන Print Expo 2026 ජුනි 19 සිට 21 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්වෙන බව ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය (SLAP) අද (19) නිවේදනය කළේය.
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සවයට සහභාගී වූවාය.






