ඕස්ට්‍රේලියාවේ කුරුලු උණ මර්දන මෙහෙයුම

රෂිකා හෙන්නායක ජුනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියෙන් H5N1 කුරුලු උණ රෝගය ප්‍රථම වරට හමුවීමත් සමඟ එම වෛරසය දැන් ලොව පුරා සෑම මහාද්වීපයකටම ව්‍යාප්ත වී ඇත.

බටහිර ඕස්ට්‍රේලියාවේ ජාතික උද්‍යානයකින් හමුවූ සංචාරක පක්ෂියෙකුගෙන් මෙම වෛරසය තහවුරු වී ඇති අතර, ඒ පිළිබඳව රජය සිය දැඩි අවධානය යොමු කර තිබේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා ඇත්තේ වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි. දැනට එරට කෘෂිකාර්මික අංශයට මෙයින් බලපෑමක් වී නොමැති වුවද, ගෝලීය වශයෙන් මෙම තත්ත්වය සත්ත්ව ගහනයට සහ ආහාර සැපයුමට විශාල තර්ජනයක් වී ඇත.

මීට පෙර හුදකලාව පැවති ඕස්ට්‍රේලියාවට ද දැන් මෙම මාරාන්තික වෛරසයේ බලපෑම එල්ල වී ඇති බවත්, මෙය එරට පාරිසරික සහ සෞඛ්‍ය අංශවලට එල්ල වූ බරපතල අභියෝගයක් බවත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘කයිවාරු මුතු’ට පැය 72ක රැඳවුම් නියෝගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : සංවිධානාත්මක අපරාධකරුවෙකු...

ගම්පහ මහේස්ත්‍රාත් මගේ ප්‍රතිරූපයට බරපතළ හානි කරලා. සුදුසු පියවර ගන්න – පොලිස්පතිගෙන් කොමිසමට පිටු 10ක ලිපියක්

ගම්පහ හිටපු මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට එරෙහිව පොලිස්පති ප්‍රියන්ත...

කොළඹ සුනාමිය ….

මම හිතන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට කාලගුණ - දේශගුණ...

නීති සම්පාදනයේදී පිටකොටුවේ සේල් කඩේක වගේ හැසිරෙන්න එපා – පෙසප ජනපති අනුරගෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල සංවිධානාත්මක අපරාධ පනත සම්බන්ධයෙන් යම් සාකච්ඡාවකට...