එල්නීනෝ ලානීනා පෙර සූදානම වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන්න – සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

කොළඹ LNW:එල්නීනෝ ලානීනා තත්ත්වය තුළ බරපතල වියළි කාලගුණය හා පසුව වැසි තත්ත්වය නිසා බරපතල ආපදා සිදුවිය හැකි බැවින් මේ ගැන සොයා බැලීමට වෙනමම කමිටුවක් පත් කර ඇති බවට රජය පැවසුවත් එය ප්‍රමාණවත් නොමැති බැවින් මේ ඛේදවාචක වළක්වා ගැනීමට පෙර සූදානමක් ලෙස ජනාධිපති කාර්ය සාධන බලකායක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (24)පාර්ලිමේන්තුවේදී එල්නීනෝ ලානීනා දේශගුණික විපර්යාසය නිසා සිදුවිය හැකි හානි ඇතුළු පරිසර ක්ෂේත්‍රයට බලපාන කරුණු රැසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරමිනි.

මේ ආපදාවට මුහුණ දීමට ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පවතින තත්ත්වයට වඩා ශක්තිමත් විය යුතු බැවින් මේ සඳහා කඩිනම් ජාතික වැඩපිළිවෙළක් සඳහා විපක්ෂය ද දායකත්වය ලබා දෙන බව ඔහු සඳහන් කළේය.

මෙය පක්ෂ ජාති ආගම් කුලමල පන්තිවලට අදාළ නොවන ජාතික ගැටලුවක් නිසා මේ අවදානමට නිසි සැලසුම් නිර්මාණය කළ යුතු බවයි ඔහු කියාසිටියේ.

බාල බීජ සේම පොහොර සහනාධාරය නියමිත පරිදි නොලැබීමත් උපකරණ මිල වැඩි වී අලි මිනිස් ගැටුම ආදී ගැටලු නිසා ගොවි ජනතාව අසීමිත පිඩනයකට අසහනයකට මුහුණ දෙන බවත් මැතිවරණ සමයේ කුඹුරට බැස වී කිලෝවට රු. 150ක් පොරොන්දු වුවත් වත්මන් රජය සහ එහි ඇමතිවරු අද ගොවියා අසරණ කරමින් යන බවත් ඡන්ද කාලයේ ගොවියා දෙවියා කියා බලය ගෙන ගොවියා කසිප්පුකාරයන් බවට හංවඩු ගසමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...