ශ්‍රී ලංකා පොලිසිය අධිකරණයට අපහාස කරලා – හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වේ !

Date:

ගිනිඅවි සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සමගම අත් අඩංගුවට ගත් සුගත් මෙන්ඩිස් නම් හිටපු පොලිස් පරීක්ෂකවරයා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනුව ඔහුව යළි සේවයෙහි පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණේ මීට මාස කිහිපයකටම පෙරදී ය.

නමුත් ශ්‍රී ලංකා පොලිසිය මේ දක්වාම එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරමින් සුගත් මෙන්ඩින් මහතාව යළි සේවයෙහි පිහිටුවා නැත.

ඒ අනුව, සුගත් මෙන්ඩිස් මහතාගේ නීතීඥවරයා වන විරාන් කොරයා මහතා විසින් හෙට (21) දිනයේදී ශ්‍රී ලංකා පොලිසිය එම අධිකරණ නියෝගය නොතකා හැරීම තුළින් චේතනාන්විතවම අධිකරණයට අපහාස කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...