ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම – පොලිසියට එරෙහි නඩුව වැඩිදුර විභාගයට දින නියම කෙරේ !

Date:

තමන්ව යළි පොලිස් සේවයෙහි පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නිකුත් කළ අතුරු නියෝගය පැහැර හැරීම තුළින් ශ්‍රී ලංකා පොලිසිය අධිකරණය අපහාස කර ඇති බවට හිටපු පොලිස් අධිකාරී සුගත් මෙන්ඩිස් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කර ඇති පැමිණිල්ල පිළිබඳව “ශ්‍රී ලංකා පොලිසිය අධිකරණයට අපහාස කරලා – හෙට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වේ !” යන පුවතෙන් අපි ඊයේ දිනයේදී වාර්තා කළෙමු.

ඒ අනුව අද (21) දිනයේදී එම පැමිණිල්ල අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මහින්ද සමයවර්ධන සහ එස්. තුරෙයිරාජා යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ සුදර්ශි හේරත් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ සුගත් මෙන්ඩිස් මහතාව යළි සේවයෙහි පිහිටුවීම සඳහා නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනුකිරීමට බලාපොරොත්තු වන හෙයින් ඊට කල් ලබාදෙන ලෙසත් ය.

නමුත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දී ඇත්තේ දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් ලබාදී ඇති හෙයින් මේ අවස්ථාවේදී මූලික විරෝධතා ගොනුකිරීමක් සිදුකළ නොහැකි බවයි.

සුගත් මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා අධිකරණයට පෙන්වා දී තිබුණේ ගිනිඅවි සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සමගම අත් අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කෙරුණු තම සේවාදායකයාට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බවත් තම ඉල්ලීම වූයේ ඔහුව යළි සේවයෙහි පිහිටුවන ලෙස බවත් ය. ඒ අනුව එසේ යළි සේවයෙහි පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබියදීත් එම නියෝගය පවා ක්‍රියාත්මක නොවන්නේ නම් තම සේවාදායකයාට සාධාරණය ඉටු කරගැනීම සඳහා යාමට වෙනත් තැනක් නොමැති තත්වයක් උද්ගතව ඇති බවත් මෙය නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් බරපතළ තත්වයක් බවත් ඒ මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබිණි.

එහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ද එම කරුණු සත්‍ය බව පිළිගෙන තිබුණු අතර මෙවන් ආකාරයෙන් කටයුතු සිදුවීමට ඉඩ තැබිය නොහැකි බවත් ඒ අනුව මෙම නඩුව වැඩිදුර විභාගයට ගැනීම සඳහා කල්තැබීමටත් නියෝග කර තිබිණි. වැඩිදුර විභාගය සඳහා ළඟ දිනයක් ලබාදෙන ලෙස නීතීඥ විරාන් කොරයා මහතා කළ ඉල්ලීම ද අනුමත කළ අගවිනිසුරුවරයා හිටපු පොලිස් අධිකාරී සුගත් මෙන්ඩිස් මහතා සම්බන්ධයෙන් වෙනත් නඩුවකදී තමන් කටයුතු කර ඇති නිසා තමන් පුද්ගලිකවම මෙම නඩු විභාගයට සහභාගී නොවන බවත් ඒ අනුව මහින්ද සමයවර්ධන, එස්. තුරෙයිරාජා සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඬුල්ල හමුවේ ලබන සිකුරාදා උදෑසන 09.00 ට මෙම නඩුව යළි කැඳවන ලෙසත් නියෝග කර තිබේ.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...