මාලිමා ආණ්ඩුව තමන්ට ඡන්දය දුන් ගොවි ජනතාව අමතක කරලා IMF එකේ සුවච කීකරු බළලා වෙලා – සජිත්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තමන්ට ඡන්දය දුන් ගොවි ජනතාව අමතක කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිනවීම සඳහා කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“විරැකියාව එන්න එන්නම ඉහළ යනවා. බඩුමිල විශාල ලෙස ඉහළ යනවා. ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් අඩුවෙනවා. දිනෙන් දින ජීවත්වීමේ ගැටලුවට ලක්වෙන ජනතාව වැඩිවෙනවා.

වී ගොවියා වීවලට ඉල්ලනවා සාධාරණ සහතික මිලක්. එදා ඡන්දෙ ගන්න කුඹුරට බැහැලා ගොයම් කකා කිව්වෙ රුපියල් 150ක ස්ථාවර මිලක් දෙනවා කියලා. දැන් ගොයම් කාපු අය වමාර වමාරා කියනවා වී කිලෝවක් නිෂ්පාදනය කරන්නට 137ක් වැය වුණත් රජය ඔබට දෙන්නෙ කිලෝවට 120 යි. දැන් අර කාපු ඒවා වමාරනවා. ඡන්දෙ ගන්න අනුභව කළා. ඡන්දෙ අරගෙන රාජ්‍ය බලය ලබාගත්තායින් පස්සේ වමාර වමාර කියනවා වී කිලෝවක් නිෂ්පාදනය කරන්න 137යි, හැබැයි අපි ඔබට දෙන්නෙ 120 යි. මේ තුනෙන් දෙකේ ආණ්ඩුව, විධායක ජනාධිපතිගේ ආණ්ඩුව හිතාමතාම වී කිලෝවකින් රුපියල් 17ක් පාඩු කරනවා ගොවි ජනතාවට. ගොවි ජනතාව පැහැදිලිවම කිව්වා ඔවුන්ට විශ්වාසයි තඹුත්තේගම ගොවි මහත්තයාගේ පුතා කියලා. දැන් තඹුත්තේගම ගොවි මහත්තයාගේ පුතා, වර්තමාන ජනාධිපතිතුමා හිතාමතාම වී කිලෝවකින් රුපියල් 17ක් ගොවි ජනතාවට පාඩු කරනකොට ඒ කරන්නෙ ගොවි ජනතාවට යුක්තියද , සාධාරණත්වයද ? කවුද වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 137 යි කියන්නෙ ? කෘෂිකර්ම ඇමතිතුමා. කොහෙද එතුමා ඒක කියන්නෙ ? පාර්ලිමේන්තුවේ.

අද ගොවියාට ගුණාත්මකභාවයෙන් ඉහළ බිත්තර වී නැහැ. කලට වේලාවට පොහොර සඳහා මුදල් ලැබෙන්නෙ නැහැ. පොහොර මිලත් ඉහළ ගිහිල්ලා. පොහොරවල ගුණාත්මකභාවයත් අඩුයි. කෘෂි රසායනවල මිලත් ඉහළ ගිහිල්ලා. කෘෂි උපකරණවලට වැට් එක ගහනවා. අද කෘෂි උපකරණ ගිනි ගණන්. රජය තරගෙට වැට් එක ගහනවා අයි.එම්.එෆ් එක සතුටු කරන්න. මහලොකුවට අයි.එම්.එෆ් එකට විරුද්ධ ගොවි ජනතාවගේ ප්‍රාණය කියලා නේද ඡන්දෙ ඉල්ලුවේ ? දැන් අන්න දස ලක්ෂ ගණනින් ඡන්දය දුන්න ගොවියන් අමතක කරලා වර්තමාන ආණ්ඩුව අයි.එම්. එෆ් එකේ සුවච කීකරු බළලා බවට පත්වෙලා”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...