වසරේ ඉදිරි කාලයට ජල ගාස්තුවේ වෙනසක්?

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:මෙම වර්ෂය තුළදී කිසිදු අයුරකින් ජල ගාස්තු ඉහළ යාමක් සිදු නොවන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය  වෛද්‍ය එච්.එම්.සුසිල් රණසිංහ මහතා පවසයි.

ජල ගාස්තු සංශෝධනයක් සිදු විය යුතු නම් ඒ සම්බන්ධ සමාලෝචනයක් සිදුවන්නේ ලබන වර්ෂයේ ජනවාරි මස දී යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ජල සම්පාදන ව්‍යාපෘති සම්බන්ධ විශේෂ සමාලෝචන රැස්වීමක්  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (11) පැවැත්වුණු අතර
එයින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන ආයතන විසින් සම්පාදනය කරන  ජල සැපයුම සහ අදාල ආයතනයන් සතු ජල ව්‍යාපෘතිවල තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජල සම්පාදනය, නඩත්තු සහ ඉදිකිරීම් සඳහා මහනුවර දිස්ත්‍රික්කයට මෙම වර්ෂයේදී රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් වී ඇතැයි කී අමාත්‍යවරයා
අඩාල වී ඇති ජල ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැඩි අවධානය යොමු කරන බව කීවේය. ඒ අනුව සංවර්ධනය විය යුතු ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා වූ බවත්, ව්‍යාපෘති කිහිපයක් සඳහා අමාත්‍යංශයේ විශේෂ මැදිහත්වීම ලබා ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජල ව්‍යාපෘති සම්බන්ධ ගැටලුවලදී මහනුවර වැනි ප්‍රදේශයකට කඩිනම් විසඳුම් ලබාදීම අසීරු වන බැවින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් කරා යොමු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එල් නීනෝ  ආපදා තත්ත්වයේ කිසිදු බලපෑමක්  මහනුවරට එල්ල වී නොමැති නමුත් ඊට මුහුණ දීම සඳහා යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමු වී
ඇතැයි අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා ඇතුළු මහජන
නියෝජිතයන්ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව,

මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...