ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය,ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය,ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ,එක්සත් සමාජවාදී පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් එක්ව ඊයේ (12) පස්වරුවේ විරෝධතා පාගමනක් මරදාන ටෙක්නිකල් මංසන්ධිය අසළින් ආරම්භ වී කොටුව දුම්රියපොළ ඉදිරිපිටට ගමන් කර කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
73 වන හර්තල් සැමරුම සඳහා සඳහා මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණු අතර එහිදී අධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම,අධික ජීවන බර, IMF රෙගුලාසි වලට නැඹුරු වීම වැනි ඉල්ලීම් රැසක්ද ඉදිරිපත් කර ට තිබුණි.
මෙම අවස්ථාවට එක වූ වාසුදේව නානායක්කාර මහතා විරෝධතාව අතරතුර ආණ්ඩුවට පක්ෂපාතී බව පෙන්නුම් කරමින් ආණ්ඩුව නිසි මාර්ගයේ රැගෙන යාම වාගත් බවට කළ ප්‍රකාශයත් සමඟ එහි යම් උණුසුම් තත්ත්වයක් හට ගැනුණු අතර වාසුදේව නානයක්කාර මහතා වෙත යම් විරෝධයක් එල්ල විය.
ආණ්ඩුව ජනතා අභිලාෂයන් ඉටුවන මාවතේ යා යුතු වන අතර ආණ්ඩුවට එරෙහිව එක්ව සිටින දක්ෂිණාංශික බලවේග උත්සහ කරන්නේ ආණ්ඩුව පෙරලීමට බව වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.
එහෙත් තමන් උත්සහ කරන්නේ ආණ්ඩුව ජනතා මාවතේ ගෙනයාමට බව ඔහු පැවසීය.
ආණ්ඩුවට විරෝධය දැක්වීමට පෙර මෙම තත්ත්වය තේරුම් ගත යුතු බව වාසුදේව නානායක්කාර මහතා කියාසිටියේය.
ජනමත විමසුමක් අවශ්‍ය බවට අධිකරණය පැවසුවහොත් ඊට යා හැකි බවත් මෙය සාමාන්‍ය ජනතාවට අහිතකර ලෙස බලපානු ලබන යෝජනාවක් නොවන බවත් හෙතෙම අවධාරණය කරන ලදී.


