අද (14) දවසේ වැසි තත්වය

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අගෝස්තු 14) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු-මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව යුගයක විවෘත ලෝකයක් සොයා යන GTA VI

නව යුගයක විවෘත ලෝකයක් සොයා යන GTA VI

ඇමෙරිකානු සාම බලකායේ ස්වේච්ඡා සේවකයෝ 34ක් දිවයිනට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ශක්තිමත්...

ඇමරිකාවේ තාක්ෂණික බිඳවැටීම: Leave the World Behind යථාර්ථයක් වෙනගමන් ද?

ඇමරිකාවේ තාක්ෂණික බිඳවැටීම: Leave the World Behind යතාර්ථයක් වෙනගමන් ද?