සිනමාව ආයෙත් නැගිටියි! මේ ගිම්හානයේ Hollywood Box Office එක ඩොලර් බිලියන ගණන් පසුකරයි!

සටහන – පුලී

අගෝස්තු 15, LNW (කොළඹ): කොවිඩ් වසංගතය ලෝකයම නතර කළ සමයේ, වඩාත්ම දැඩි ලෙස බලපෑමට ලක් වූ කර්මාන්ත අතර සිනමාවත් ඉදිරියෙන්ම තිබුණා! සිනමා ශාලා වසා දැමීම, නිෂ්පාදන කටයුතු නතර වීම සහ ප්‍රේක්ෂකයන්ගේ නැවත සිනමා ශාලාවලට පැමිණීම ප්‍රමාද වීම නිසා Hollywood Box Office ආදායම දැඩි පසුබෑමකට ලක් වුණා. නමුත් දැන් වසර කිහිපයකට පසුව එම තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් තිබෙන බවට 2026 ගිම්හාන චිත්‍රපට සමය ප්‍රබල සාක්ෂියක් ලබා දී තිබෙනවා.

මැයි මාසයේ සිට මේ දක්වා ඇමරිකානු සිනමා ශාලාවලින් වාර්තා වූ ගිම්හාන චිත්‍රපට ආදායම ඩොලර් බිලියන 4 සීමාව පසුකර තිබීම Hollywood කර්මාන්තයට විශාල ජයග්‍රහණයක්. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් පසුව එම සීමාව පසුකර ඇත්තේ දෙවැනි වරට වීම මෙම ජයග්‍රහණයේ වැදගත්කම තවත් ඉහළ නංවනවා.

Spider-Man ගේ ආගමනයත් එක්ක උණුසුම් වුණ Box Office වාර්තා!

මේ වසරේ ගිම්හාන Box Office සටනේ දැවැන්තම නම බවට පත්ව තිබෙන්නේ “Spider-Man: Brand New Day”. ජූලි 31 වැනිදා තිරගත වීමත් සමඟම ප්‍රේක්ෂකයන් අතර දැවැන්ත උනන්දුවක් ඇති කළ මෙම චිත්‍රපටය ඉතා වේගයෙන් ආදායම් වාර්තා බිඳ දමමින් ඉදිරියට පැමිණියා.

Tom Hollandගේ ජනප්‍රියත්වයත්, Spider-Man චරිතයට ඇති ලොව පුරා රසික ආකර්ෂණයත් මෙම සාර්ථකත්වයට ප්‍රධාන හේතු බවට පත්ව තිබෙනවා. මේ වන විට චිත්‍රපටය ඇමරිකානු Box Office එකෙන් පමණක් ඩොලර් මිලියන 655ක ආදායමක් උපයාගෙන තිබීමෙන් එහි දැවැන්ත බලපෑම පැහැදිලි වෙනවා.

Toy Story 5 – පරණ මතකයන්ට අලුත් ජීවයක්!

Spider-Manගේ දැවැන්ත සාර්ථකත්වයට පසුපසින් සිටින තවත් ජනප්‍රිය නාමයක් තමයි “Toy Story 5”. දශක ගණනාවක් පුරා පරම්පරා කිහිපයකම සිනමා රසිකයන්ගේ හදවත්වලට සමීප වූ Toy Story franchise එකේ අලුත්ම චිත්‍රපටයද මෙම ගිම්හානයේ Box Office එකට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

Toy Story 5 මේ වන විට ඇමරිකානු සිනමා ශාලාවලින් ඩොලර් මිලියන 470ක ආදායමක් ලබාගෙන තිබෙනවා. එය පෙන්වන්නේ නවතම superhero සහ action චිත්‍රපට පමණක් නොව, පරණ ජනප්‍රිය franchise සඳහාද තවමත් දැවැන්ත ප්‍රේක්ෂක පදනමක් තිබෙන බවයි.

The Odyssey – Spider-Manට අභියෝගයක්!

මේ අතර, Christopher Nolanගේ “The Odyssey” චිත්‍රපටයද Box Office සටනේ වේගයෙන් ඉදිරියට එමින් සිටිනවා. මේ වන විට එය ඩොලර් මිලියන 461ක පමණ දේශීය ආදායමක් ලබාගෙන තිබෙන අතර, Toy Story 5ට ඉතාම ආසන්නව පවතිනවා.

චිත්‍රපටයේ theatrical run එක තවදුරටත් ඉදිරියට යන නිසා, ඉදිරියේදී එය Toy Story 5 පසුකර දෙවැනි ස්ථානය ලබාගැනීමට හැකියාව ඇති බවට බලාපොරොත්තු පළ වී තිබෙනවා. ඒ අනුව මේ ගිම්හාන Box Office තරගය තවමත් අවසන් වී නැහැ.

හොලිවුඩයම පුදුම කළ Horror hits දෙක!

නමුත් මේ වසරේ Box Office කතාවේ වඩාත්ම රසවත් කොටස වන්නේ දැවැන්ත budget සහ ජනප්‍රිය franchise අතරට අඩු වියදම් Horror චිත්‍රපට දෙකක් පැමිණීමයි.

“Obsession” නමැති අඩු බජට් Horror චිත්‍රපටය බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙමින් ඩොලර් මිලියන 263.3කදේශීය ආදායමක් ලබාගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් දැවැන්ත Box Office සාර්ථකත්වයන් සඳහා විශාල නිෂ්පාදන වියදම්, සුපිරි නළු නිළියන් සහ ප්‍රසිද්ධ franchise අවශ්‍ය බවට තිබූ සම්ප්‍රදායික අදහසට මේ වගේ චිත්‍රපට අභියෝගයක් එල්ල කරනවා.

ඒ අතර “Backrooms” තවත් විශාල surprise එකක් බවට පත්ව තිබෙනවා. වයස අවුරුදු 20ක් පමණ වන YouTube නිර්මාණකරුවෙකු විසින් අධ්‍යක්ෂණය කළ මෙම Horror චිත්‍රපටය ඩොලර් මිලියන 197.4ක දේශීය ආදායමක් ලබාගෙන තිබීම Hollywood කර්මාන්තය තුළ විශේෂ අවධානයක් දිනාගෙන තිබෙනවා.

ප්‍රේක්ෂකයන් ආයෙත් සිනමා ශාලාවලට!

මෙම චිත්‍රපටවල සාර්ථකත්වය වෙන වෙනම බැලුවත්, ඒ සියල්ල එකට ගත් විට පෙනෙන්නේ වඩා විශාල වෙනසක්. ඒ තමයි ප්‍රේක්ෂකයන් නැවතත් සිනමා ශාලා අත්දැකීම සොයා යමින් සිටීම.

Streaming platforms සහ නිවසේ සිට චිත්‍රපට නැරඹීමේ පහසුකම් වේගයෙන් වර්ධනය වීමත් සමඟ සිනමා ශාලාවල අනාගතය පිළිබඳව පසුගිය වසරවල විවිධ ප්‍රශ්න මතු වුණා. නමුත් Spider-Man වැනි දැවැන්ත franchise චිත්‍රපටවල සිට අඩු බජට් Horror චිත්‍රපට දක්වා විවිධ වර්ගයේ නිර්මාණ සඳහා ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට පැමිණීම, “big screen” අත්දැකීමේ ආකර්ෂණය තවමත් අවසන් වී නොමැති බව පෙන්වනවා.

2023ට පසුව ඩොලර් බිලියන 4!

ගිම්හාන Box Office ආදායම ඩොලර් බිලියන 4 සීමාව පසුකර තිබීමත් තවත් වැදගත් වාර්තාවක්. කොවිඩ් සමයෙන් පසුව මීට පෙර එම සීමාව පසුකර තිබුණේ 2023 ගිම්හාන චිත්‍රපට සමය පමණයි. එම වසරේ “Barbie” සහ “Oppenheimer” වැනි දැවැන්ත චිත්‍රපට සිනමා ලෝකයම උණුසුම් කරමින් ප්‍රේක්ෂකයන් විශාල වශයෙන් සිනමා ශාලා වෙත ගෙන ආවා.

දැන් 2026 ගිම්හානය එම මට්ටම නැවතත් පසුකර ඇති අතර, දැනට පවතින වේගය අනුව මෙය 2019න් පසුව වැඩිම ආදායමක් උපයන ගිම්හාන Box Office සමය බවට පත්වීමටද ඉඩ තිබෙනවා.

Hollywoodට අලුත් බලාපොරොත්තුවක්!

Spider-Manගේ superhero බලය, Toy Storyගේ nostalgia, Nolanගේ දැවැන්ත සිනමා දැක්ම සහ අඩු බජට් Horror චිත්‍රපටවල unexpected success එක මේ සියල්ල එකට එක්වී 2026 ගිම්හානය Hollywood සඳහා විශේෂ එකක් බවට පත් කර තිබෙනවා.

ඩොලර් බිලියන 4 සීමාව පසු කිරීම නිකම්ම සංඛ්‍යාවක් නොවෙයි. එය වසර කිහිපයක් තිස්සේ අභියෝගවලට මුහුණ දුන් සිනමා කර්මාන්තයට ලැබුණු බිග් comeback signal එකක්. ප්‍රේක්ෂකයන් නැවතත් බිග් ස්ක්‍රීන් එක ඉදිරියේ popcorn අතේ තබාගෙන තමන් කැමති චරිත සමඟ පැය කිහිපයක් ගත කිරීමට සූදානම් බව මේ ගිම්හානය පැහැදිලිවම කියා දී තිබෙනවා.

ඒ නිසා මේ වසරේ Hollywood Box Office කතාවේ අවසාන පරිච්ඡේදය තවමත් ලියවිලා නැහැ. Spider-Man තවත් කොපමණ දුරක් යාවිද? The Odysseyට දෙවැනි ස්ථානය හිමි වේවිද? එසේත් නැත්නම් තවත් unexpected hit එකක් Box Office සිතියම වෙනස් කරාවිද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...