ජනපති රනිල්ගේ ලෝක ළමා සහ වැඩිහිටි දින පණිවුඩය.

Date:

සමකාලීන සමාජයේ වෙසෙන වැඩිහිටි අපට ගෝචර වන ලෝකය, දරුවන්ගේ ලෝකය නොවේ. එය බෙහෙවින් සරලය. මටසිලිටුය. ඔවුන් කුතුහලයෙන් පිපාසිතය. වැඩිහිටි අපි ඒ පිළිබඳ නුවණින් වටහා ගෙන, පෙර නොවූ විරූ ලෝකයක් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කිරීමට වගබලා ගත යුතුය.

පසුගිය වසර කිහිපය සැලකිල්ලට ගැනීමේ දී මෙයට වසර කිහිපයකට පෙර දරුවන් ගත කළ සමාජ පසුතලයට වඩා වර්තමානය බෙහෙවින් වෙනස් වී තිබෙන බව පැහැදිලිය. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යයෙන් කෙරෙන අනාවරණයන් ද බොහෝය. එ බඳු පසුබිමක රටේ සියලූම දරුවන් නිසි කැලරි ප්‍රමාණය අඩංගු සමබල ආහාර වේලක් ලබාගන්නා බව සහතික කිරීම, රාජ්‍ය නායකයා වශයෙන් මගේ යුතුකමයි. රටේ වත්මන් දරු පරපුරට පෝෂණයත්, අනාගත දරුපරපුරට දියුණු සංවර්ධිත රටක් නිර්මාණය කර දීමත් මේ මොහොතේ මගේ මෙහෙවර වේ.

මා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පරිදි දිළිදු හා අඩු වරප්‍රසාදිත කණ්ඩායම් රැකබලා ගැනීම කෙරෙහි අවශ්‍ය කටයුතු ක්‍රමිකව සිදු කෙරෙමින් පවතී. පාසල් දරුවන් වෙනුවෙන් රජයේ වියදමින් සමබල ආහාර වේලක් ලබාදීමට කටයුතු කරන අතර, එහි ආරම්භයක් වශයෙන් පාසල් දරු දැරියන් 1,080,000කට උදෑසන පාසල් ආරම්භ වීමට පෙර සමබල පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම දැනටමත් සිදු කෙරේ. එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ විශේෂඥයන්ගේ අනුමැතියෙන් සිදු කෙරෙන ව්‍යාපෘතියකි. එමෙන්ම ගැබිණි මව්වරුන් සඳහා ලබාදෙන දීමනාවට අමතරව තවත් අමතර දීමනාවක් සහ ආහාර සුරක්ෂිතතාව නොමැති පවුල් සඳහා මාසිකව දීමනාවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

දරුවන්ගේ සුන්දර ළමා කාලය මෙන්ම අපේ රටේ උන්නතිය උදෙසා අසීමිත කැපකිරීම් කළ වැඩිහිටි ප්‍රජාව ද සෙනෙහසින් රැකබලා ගැනීම අපගේ යුතුකමකි. එය අපේ සංස්කෘතිය හා බද්ධව පවතී. ආහාරපාන, අධ්‍යාපනය, ක්‍රීඩාව, සෞන්දර්යය, විවේකය, නින්ද, මානසික සුවය, ශාරීරික නිරෝගීතාව දරුවන්ගේ අවශ්‍යතාවලින් කිහිපයක් පමණි. ඒවා ලබාදීමට අපි සංස්කෘතිකමය හා නෛතික වශයෙන් බැඳී සිටිමු. රජය හැරුණු කොට ඔවුන්ගේ අවශ්‍යතා පසුවට කල් නොතබා ඉටු කිරීම මව්පියන්, ගුරුවරු ඇතුළු සිවිල් සංවිධාන නියෝජනය කරන සියලුදෙනාගේ ද වගකීම ලෙස මම දකිමි.

සියලු දරුවන් හා වැඩිහිටියන් තමන්ගේ සමීපතමයන් සේ සලකා ඔවුන් දෙස සෙනෙහසින් බලන, දකින සහ ක්‍රියා කරන යුගයක් උදා කර ගැනීමට අපි සැවොම එක්ව කැප වෙමු.

  • රනිල් වික්‍රමසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුමිදුගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

අපි නම් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට...

රටේ බහුතර ප්‍රශ්න වලට හේතුව මත්ද්‍රව්‍ය – ජනපති අනුර

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන...

FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් රජයේ ජෙට් යානායකින් සිය පෙම්වතිය බැලීමට ගියබව කියූ ඉහල නිලධාරියකු සේවයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : FBI අධ්‍යක්ෂ...