නවදිල්ලිය BRICS සමුළුවට සැරසෙයි: ලෝක බලවතුන් රැසක් හමුවන 18 වැනි BRICS සමුළුව හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 11 :
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සත්කාරකත්වයෙන් මෙවර 2026 BRICS සමුළුව සැප්තැම්බර් 12–13 දිනවල දී නවදිල්ලියේ පැවැත් වේ.

චිනය, ඉන්දියාව, රුසියාව, බ්‍රසීලය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන සාමාජික රටවල් මෙවර BRICS සමුළුවට එක් වන අතර මෙවර සභාපතිත්වය ඉන්දියාව දරන අතර, තේමාව “Building for Resilience, Innovation, Cooperation and Sustainability” යන්නයි.

වර්තමාන මැදපෙරදිග හා යුක්රේන ගැටුම් මෙන්ම ගෝලීය වෙළඳාම, බලශක්තිය සහ BRICS හි භූමිකාව පිළිබඳවද අවධානය යොමුවනු ඇති අතර විශේෂත්වයක් වන්නේ චීන ජනාධිපති ෂී ජින්පිං, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් ඇතුළු ප්‍රධාන නායකයන් සහභාගී වීමයි.

BRICS රටවල් ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන අතර, ගෝලීය ආර්ථික බලපෑමද වේගයෙන් වර්ධනය වෙමින් පවතී.

BRICS රටවල් විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ඩොලරය මත ඇති අධික රඳාපැවැත්ම අඩු කිරීම, දේශීය මුදල් භාවිතයෙන් වෙළෙඳාම පුළුල් කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවය. සමුළුවට පෙර BRICS මූල්‍ය ප්‍රධානීන් IMF සහ ලෝක බැංකුව වැනි ආයතනවල තීරණ ගැනීමේ ව්‍යුහය වඩාත් නියෝජනාත්මක කළ යුතු බවටද ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...