රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW :
කොළඹ පිහිටි නිවාස සංකීර්ණවලින් සියයට 40ක් වසර 40කට වඩා පැරණි ඒවා බව , නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්යාංශය පවසයි.
ඒ අනුව, කොළඹ නගර සීමාව තුළ නිවාස සංවර්ධන අධිකාරිය මගින් පාලනය වන නිවාස සංකීර්ණ 96ක් පවතින බව නියෝජ්ය අමාත්ය ටී.බී. සරත් මහතා පවසයි.
අබලන් තත්ත්වයේ පවතින එම නිවාස සංකීර්ණ ප්රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක වෙමින් පවතින බවද ඔහු සඳහන් කරයි.
පවතින නිවාස සංකීර්ණ කිහිපයක් වෙනුවට නව නිවාස සංකීර්ණ ඉදිකිරීම පිළිබඳව ද අවධානය යොමු වෙමින් පවතින බවත් වඩිදුරටත් නියෝජ්ය අමාත්යවරයා කියා සිටී.


