ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:අබාධ සහිත පුද්ගලයින්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් වූ අයවැය යෝජනාවේ පළමු අදියර බස්නාහිර පළාතෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන අතර ඒ වෙනුවෙන් එක් පුද්ගලයෙක් සඳහා රජය රුපියල් මිලියනයක් දක්වා වැය බරක් දරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතා පවසයි.
ආබාධ සහිත පුද්ගලයන් සිටින නිවාස හඳුනාගෙන, අදාළ ප්රාදේශීය ලේකම් කාර්යාල හරහා එම නිවාස පරීක්ෂා කර ඔවුන්ට දැනට පවතින සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කළ යුතුද, නැතහොත් අලුතින් ඉදිකළ යුතුද යන්න පිළිබඳව තක්සේරුවක් සිදුකර නිවාස සංවර්ධන අධිකාරිය හරහා එම කටයුතු සිදුකෙරෙන බවයි අමාත්යවරයා පැවසුවේ.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්යංශයේදී මාධ්ය හමුවක් කැඳවමින් අමාත්යවරයා මේ බව පැවසූ අතර එම මාධ්ය හමුවට පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත මහතාද එක්ව සිටියේය.
ව අනුව එක් පුද්ගලයෙකු සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියනයක් දක්වා වැය බරක් දරමින් හොඳ තත්ත්වයේ වැසිකිළියක් සහ නාන කාමරයක් ඉදිකිරීම මෙම ව්යාපෘතියේ අරමුණ වන අතර එමෙන්ම යම් පුද්ගලයෙකුගේ දැනට පවතින සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කළ යුතු නම්, ඒ සඳහාද අවශ්ය ඇස්තමේන්තු සකස් කර එම කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව අමාත්යවරයා සඳහන් කළේය.


