ආයෙත් මේකෙ රජ කරන්න දෙන්නෙ නෑ. අසාර්ථක උත්සාහයන් කරන්න එපා – මියයන්න වෙන හැටි රන්ජන් කලින්ම කියයි

පසුගිය ආණ්ඩු සමයන්හි මහජන මුදල් කොල්ලකෑ සියලුම දෙනාටම වත්මන් ආණ්ඩුව යටතේ දඬුවම් කරන බව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසයි.

“මේ ගොදුරු බිමේ කරළියට ඇවිල්ලා මේකෙ රජ කරන්න, මහජන මුදල් යළිත් කොල්ලකන්න, ඉඩ තියන්නෙ නෑ. ඒකට මේ රටේ ජනතාව තිත දුන්නා. අපි ඒ අයට කියනවා අසාර්ථක උත්සාහයන් කරන්න එපා. අපි පහුගිය මැතිවරණයේදීත් කිව්වා, මේක ඒගොල්ලන්ට ව්‍යසනයක්. දැන් සියල්ලට දඬුවම් කරමින් යනවා. ඒ නිසා ඒගොල්ලො දැන් තේරුම් අරන් ඉන්නවා දැන් තමයි එකම කොටේ අපි නැගලා යන්න ඕනෙ කියන කාරණය. අපි කියනවා යන්න, සියලු දෙනාටම සිද්ධ වෙන්නෙ එක්කෝ තමන්ගෙ අතින් වෙඩිතියාගෙන මියන්න, එක්කෝ තමන්ගෙ අතින් ගෙළට තොණ්ඩුව දාගෙන මියයන්න. කරන්න දෙයක් නෑ, අපේ බලවත් ශෝකය සහ බලවත් කණගාටුව”

රන්ජන් ජයලාල් මහතා මේ බව පැවසුවේ ඊයේ කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...