කොළඹ LNW:ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 27 වැනි වරටත් සංවිධානය කළ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (26) ආරම්භ විය.
එහිදී හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රත්නපාල ගමගේ මහතාගේ “ඉටි පහන් සිල”,”Candle in the Wind” පුස්තකය එළි දැක්වීම ද සිදු විය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් සුබසිංහ, මෙරට චීන තානාපති වේයි හුවාෂියැං යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සමාරම්භක උත්සවයට එක්ව සිටි අතර ඔක්තෝබර් 4 වැනිදා දක්වා පුරා දින 10ක් මෙම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙයි.
මෙම ප්‍රදර්ශනය සෑම දිනකම පෙ.ව. 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න
















