කැමරාවකින් ගසා රනිල් තල්ලුකළ හැකිද?

මහේෂ් හපුගොඩ

රනිල්ගේ ආරක්ෂකයෙක්ට යම්කිසි මාධ්‍ය ආයතනයක කැමරාකරුවෙක් කැමරාවෙන් පහරදුන්න කියල නිව්ස් එකක් යනවා. අනික් පැත්තෙන් කියනවා ආරක්ෂකයා විසින් කැමරාකරුවා තල්ලුකළා කියල.

රනිල් උසාවි එන එක මේ වෙලාවේ ‘ලොකුම ලොකු නිව්ස් එකක්’ නිසා (ඇත්ත ප්‍රවෘත්ති වටිනාකම කෙසේ උනත්) කැමරාකාරයෝ තදබදයක් හදාගත්ත වෙන්න පුළුවන්. තල්ලු කළා වෙන්නත් පුළුවන්. මම ඒ දෙකම ගැන එතරම් හිතන්නේ නැහැ.

මේක නිව්ස් එකක් වෙන්නේ හරියට කැමරාකරුවා රනිල්ට ගැහුවා වගේ යම්කිසි සංකේතාත්මක තැනකින් කියල මම හිතෙනවා. ඒ රනිල්ට බලය නැති වෙලාවේ බලය පෙන්නන්න වගේ තැනකින්. ඔන්න දැන් රනිලුත් උසාවි එනවා වගේ තැනකින්. ඒ නිව්ස් එක එක වෙලාවක වෙනම වයිබ් එකක් උන නිසා. නමුත් දැන් ඒක එතරම් වැදගත් නැහැ වගේ.

නිකම් හිතන්න රනිල් නැතුව මේ මාධ්‍යකරුවා කියන කෙනා හෝ ආරක්ෂකයා කියන කෙනා හෝ අතරේ පමණක් නම් මිනිස්සු දෙන්නෙක් හැටියට මේ ගැටුම උනේ මෙලෝ බල්ලෙක් මේක ගැන කතා කරන්නේ නැහැ. ඒ ඇයි? නිව්ස් එකක් එතන නැහැ. රනිල් කියන චරිතේ මෙතන ඉන්න නිසා තමයි මේක නිව්ස් එකක් වෙන්නේ.

ඒ කියන්නේ නැවතත් ඉන්නේ රනිල්. මඟ හරින්න බැරි විදියට.

මෙතන මහින්ද හිටියත් එහෙම තමයි. මහින්ද ඉස්සරහා මිනිහෙක් නිකම් කකුලක් පැටලිලා වැටුනත් ඒක නිව්ස් එකක්. ඒ අර අවාසනාවන්ත කකුල පැටලුන එකා නිසා නෙවෙයි. මහින්ද නිසා.

මේක තමයි වෙනස. රනිල් මහින්ද වගේ අය දුර ගමනක් දේශපාලනයේ ආපු මිනිස්සු. අනික් බොහෝ දේශපාලඥයින් පවා එහෙමයි. වැටිලා නැගිටලා මඩ කාල බෝම්බ තුවක්කු අස්සෙන් අද දක්වා දේශපාලනයේ ගමන්කරලා තියනවා. අපි එකඟ නැති කෑලි ඔවුන් තුල අනන්තවත් තියෙන්න පුළුවන්. හරි වැරදි වෙනම සලකුණු කරන්න පුළුවන්. හැබැයි එයාල කැමරාවකින් ගහල තල්ලු කරලා නවත්තන්න පුළුවන් අය නෙවෙයි කියල හිතෙනවා. තල්ලුකරන අයත් ඒක දන්නවා.

එහෙම පහසුවෙන් තල්ලුවකින් නවත්තන්න පුළුවන් උනා නම් එයාල මෙච්චර දුර මේ පොළොවේ එන්නේ නැහැ.

ඒ නිසා මේ වගේ වැඩ තේරුමක් නැහැ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...

“IndiGo” නැවතත් ගමනේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඉන්දියාවේ...

සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10කට නොතීසි!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල්...

අහුන්ගල්ලේ සිදුවූ වෙඩි තැබීම ගැන හොයන්න පොලිස් කණ්ඩායම් තුනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :1 අහුන්ගල්ලේ සිදුවූ වෙඩි...