වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :

මෙල්බර්න් නුවරට කිලෝමීටර් 135 ක් ගිනිකොන දෙසින් පිහිටි සවුත් ගිප්ස්ලෑන්ඩ් (South Gippsland) හි ලියොන්ගාතා (Leongatha) නගරය ආසන්නයේ මැද ලක්ෂ්‍යය (epicentre) පිහිටි රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවක් අලුයම 2.00 ට පමණ වාර්තා වූ බව ‘ජියෝසයන්ස් ඔස්ට්‍රේලියා’ (Geoscience Australia) ආයතනය වාර්තා කළේය.

අලුයම 2.30 වන විටත් මෙම කම්පනය දැනුණු බවට වාර්තා (felt reports) 10,000 කට අධික සංඛ්‍යාවක් ජියෝසයන්ස් ඔස්ට්‍රේලියා ආයතනය වෙත ලැබී තිබුණි.

මෙම කම්පනය කිලෝමීටර් 10 ක ගැඹුරකින් සිදුව ඇති බව එම ෆෙඩරල් රාජ්‍ය ඒජන්සිය වාර්තා කළේය.

වික්ටෝරියා ප්‍රාන්ත හදිසි සේවා අංශයද (SES) මෙම කම්පනය ස්ථීර කළ අතර ඔවුන්ගේ සහන කණ්ඩායම් සූදානම් කර තබන ලද බවටද වාර්තා වේ.

2021 සැප්තැම්බර් මාසයේදී මෙල්බර්න් නුවර ගොඩනැගිලිවලට හානි සිදු කරමින් අග්නිදිග ඔස්ට්‍රේලියාව පුරා දැනුණු රික්ටර් මාපක 5.9 ක භූමිකම්පාවෙන් පසුව වික්ටෝරියා හි භූකම්පන ක්‍රියාකාරීත්වය ඉහළ ගොස් ඇත.

මෙම කම්පන 2021 සැප්තැම්බර් භූමිකම්පාවෙන් පසු ඇති වන සාමාන්‍ය භූකම්පන ක්‍රියාකාරකම්වල කොටසක් බව විශේෂඥයින් මීට පෙර ‘ද ඒජ්’ (The Age) පුවත්පතට පවසා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...