ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමක් සිදු කරන බවට අමෙරිකාව විසින් අනතුරු අඟවා ඇතැයි පළ වන වාර්තා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර රොඩ්රිගෝ පවසන්නේ මෙම ඇමෙරිකානු ද්විතීයික සම්බාධක (Secondary Sanctions) යනු කිසියම් විශේෂ රටක් හෝ ශ්‍රී ලංකාව ඉලක්ක කර පනවන ලද්දක් නොව, ලොව පුරා පොදුවේ ක්‍රියාත්මක වන ඔවුන්ගේ සාමාන්‍ය ගෝලීය ප්‍රතිපත්තියක් බවයි.

ඔහු සිය නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ, අදාළ ද්විතීයික සම්බාධක සම්බන්ධයෙන් අමෙරිකාව අගෝස්තු 24 වැනිදා නිවේදනයක් නිකුත් කර ඇති අතර, අමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති නෞකා සඳහා සේවා සපයන පුද්ගලයන්ට හෝ ආයතනවලට අමෙරිකානු මූල්‍ය පද්ධතියට ප්‍රවේශය අහිමි වීමේ අවදානමක් ඇති බවයි.

මෙම පියවර අමෙරිකා එක්සත් ජනපදයේ පුළුල් සම්බාධක ප්‍රතිපත්තියේ කොටසක් බවත්, එය ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉලක්ක කරගත් පියවරක් නොවන බවත් ඔහු අවධාරණය කරන අතර මෙවැනි සම්බාධකවලට ලක්වන නෞකා ඉන්දියානු සාගරයට පමණක් සීමා නොවන බවද ඔහු පෙන්වා දෙයි.

පවතින ගැටුම් සහ ඒවාට සම්බන්ධ භූ දේශපාලනික වර්ධනයන් හේතුවෙන් ලෝකයේ අනෙකුත් සාගර කලාපවලද මෙවැනි නෞකා පවතින බව ඔහු වැඩිදුරටත් සිය නිවේදනයෙන් පැහැදිලි කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...

ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උණුසුම් වෙයි: පාසල් සිය ගණනක් වසා දැමේ, 2,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: ප්‍රංශය පුරා...