රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ LNW :
කිරිඳිවැලදී රුපියල් මිලියන 22.5ක් වටිනා ‘අයිස්’ (Ice) මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනේ.
කිරිඳිවැල, දික්කන්දවත්ත ප්‍රදේශයේදී ‘අයිස්’ (Ice) ලෙස පොදුවේ හැඳින්වෙන ස්ඵටික මත්ද්‍රව්‍ය (crystal methamphetamine) කිලෝග්‍රෑම් 1.85ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 22.5ක් පමණ වෙතැයි පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරු සතුව තිබූ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු හෙට දින පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


