පාස්කු බෝම්බය මගේ ඇඟේ ගහන්න හදනවා. මටත් වෙලාවක් එයි, එදාට ඒ ගැන කියන්නම් – මෛත්‍රී (VIDEO)

Date:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව සිරගත කිරීමට ඇතැමුන්ට වුවමනා වී ඇති බවත් පාස්කු කොමිසම සම්බන්ධයෙන් තමන් සුදුසු අවස්ථාව පැමිණි විට කතා කරන බවත් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“මම අවුරුදු පහකට මාස එකහමාරයි අඩු ජනාධිපති ධුරයට. මට බනින එක නෙවෙයි මට සල්ලි දෙන්න ඕනෙ තමුන්නාන්සෙලා එකතුකරලා මට තෑගි ටිකක් දෙන්න ඕනෙ මං තනියම ආණ්ඩුවක් ගෙනිච්චට එහෙම මේ වගේ හිඟමනට වැටෙන්නෙ නැතුව. මෙහෙම කන්න නැති ඒවායි, ගෑස් ප්‍රශ්නයි, තෙල් ප්‍රශ්නයි, පොහොර ප්‍රශ්නයි, මේවා රටේ මිනිස්සු හදපු ප්‍රශ්න නෙවෙයි නෙ. මේවා ඔක්කොම ආණ්ඩුව හදාගත්ත ප්‍රශ්න. ඉතින් ඒවා ගැන අපි කතා කරනකොට කෝප වෙනවා.

මේ කොහෙවත් යන පාස්කු බෝම්බයක් පුපුරලා, දැන් ඒක මගේ ඇඟේ දාන්න හැදුවාට, මම ජනාධිපති කාලේ කොමිෂන් සභා පහක් පත් කළා. හැබැයි එක මිනිහෙක්වත් කතා කරන්නෙ නෑ වංචා දූෂණ පිළිබඳව මම පත් කරපු කොමිෂන් හතර ගැන. ඒ ඔක්කොම කොමිෂන් හමස් පෙට්ටියේ. මාව හිරේ දාන්න ඕනෙ කට්ටිය තමයි මේ පාස්කු කොමිසම ගැන කතා කරන්නෙ. පාස්කු කොමිසම ගැනත් යම්කිසි දවසක මට කියන්න අවස්ථාව එයි, මං එදාට කියන්නම් ඒ ගැන”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැල්මඩුල්ලේදී පැවති ශ්‍රීලනිප රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...